728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, June 5, 2023

හොල්මන් මන්දිරේ තබා තිබූ මෘතදේහයේ නහය මිරිකා දෙපිරිසම පොලීසියෙන් නතර වෙයි


 කුලියාපිටිය නගරාසන්නයේ පොසොන් කලාපයක තිබූ හොල්මන් මන්දිරයේ මෘත දේහය සහ එය නැරඹීමට පැමිණි පිරිසක් අතර ඇතිව තිබූ ගුටි කෙළියක් හේතුවෙන් මෘතදේහය හා අදාළ පිරිස අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. 

අත්අඩංගුවට ගැනුණේ කුලියාපිටිය සුභාරතී පුර ප්‍රදේශයේ පැවති පොසොන් සැණකෙළි භූමියේ ස්ථාපිත හොල්මන් මන්දිරයක් තුළ මෘත දේහයක් ලෙසින් රඟපාන්නකු හා ඔහු සමගින් ආරවුලක් ඇතිකරගත් බව කියන පිරිසක් බව පොලිසිය පවසයි.

සැණකෙළිය පැවැත්වෙන අතරතුර පැමිණි තරුණ කණ්ඩායමක් මෘත දේහයට ‘මූ මැරිලාද බලමු' යන්න කියමින් කම්මුල ප්‍රදේශයට වැරෙන් පහරක් එල්ල කළ බව මෘතදේහයට පෙනී සිටි අය ප්‍රකාශ ලබාදුන් බව පොලිසිය කියයි. 

එහි දී තමන් එය ඉවසාගත නොහැකිව මිනී පෙට්ටියෙන් නැගිට පහරදුන් පුද්ගලයාට පෙරළා පහරදුන් බවත් පසුව එහි සිටි පිරිස් ඊට මැදිහත් වූ බවත් පැවසීය.

මීට පෙර දිනයේ ද පැමිණි පිරිසක් තමන්ගේ හුස්ම සිරවන තෙක්ම නාසය මිරිකාගන සිටි බවත් පැවසූ මෘත දේහයට පෙනී සිටි අය වැඩිදුරටත් පවසා තිබුණේ එවැනි තාඩන පීඩන රැසකට මුහුණ දී තිබීම හේතුවෙන් එම මොහොතේ තමන්ට ඉවසාගත නොහැකි වූ  බවයි. 

පොලිසිය එම ස්ථානයට යන විටත් හොල්මන් මන්දිරය අපායක් බවට පත්වෙමින් තිබූ බවද පොලිසිය කියයි. එහිදී පාර්ශව දෙකම අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණ

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: හොල්මන් මන්දිරේ තබා තිබූ මෘතදේහයේ නහය මිරිකා දෙපිරිසම පොලීසියෙන් නතර වෙයි Rating: 5 Reviewed By: webgossip24.com