728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, June 13, 2023

ලොකු ලොකු බවලත්තු ආපු ගියපු කොල්ලුපිටියේ මඩමක් මාට්ටු - හතේ දියණිය හසු වූ විසි හතරේ සුරූපී තරුණියගේ ඇදහිය නොහැකි දේපල වාහන මෙන්න



දෙස් විදෙස් සුපිරි ධනවතුන් නිරතුරුවම ආ ගිය බව කියන කොල්ලුපිටිය දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

සෙසු සැකකරුවන් අතර මෙරට සුරූපී තරුණියක් , කළමනාකරු එමෙන්ම මෙම ගණිකා  ජාවාරම මෙහෙයවන යුද හමුදා හිටපු නිලධාරියකු ද වන බව පොලිසිය කියයි.

මෙරට සුරූපී තරුණිය වයස අවුරුදු හතක් වන ඇයගේ දියණිය ද එම ස්ථානයට කැඳවාගෙන තිබු බවත් පොලිසිය කියයි.

කොළඹ 3 කොල්ලුපිටිය දෙමහල් ගොඩනැගිල්ලක ගණිකා මධ්‍යස්ථානයක් ජයටම පවත්වාගෙන යන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් 428 ජයලාල් නිලධාරියා සිදුකරන ලද ආවේක්ෂණ රාජකාරිවලදී අනාවරණය කරගත් තොරතුරු අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

පොලිස් සැරයන් වරයා උපාය දූතයකු ලෙස වෙස් වලාගෙන පොලිස් කොස්තාපල් 84889 උදය කුමාර සංඥාකරු වශයෙන් යොදවා රුපියල් 10,000ක මුදලක් දී කාන්තාවක් මිලදී ගෙන කාමරයකට පිවිසීමත් සමගම මෙම වැටලීම සිදුකර ඇත.

එම ස්ථානයේ රැඳී සිට ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තායි තරුණියන් දෙදෙනාට ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික 24 හැවිරිදි තරුණිය රුපියල් කෝටි දහයක පමණ දේපළවලට හිමිකම් කියන තැනැත්තියක් බවත් ඇයගේ නමින් සුඛෝපභෝගී මෝටර් රථ තුනක් , පිලියන්දල ඉඳිකරමින් පවතින තෙමහල් නිවසක් ද පිහිටා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් සැකකාරිය ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම රැකියාවෙන් ම මෙම වත්කම් උපයා ගත් බවට අනාවරණය කළ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.

එම වැටලීමක් සමගම අත්අඩංගුවට ගත් ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකරු වන යුද හමුදා නිලධාරියා අසනීප තත්ත්වයෙන් පෙළෙන බව පැවසූ බැවින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සුරූපී තායි තරුණියන් ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා තායිලන්ත තානාපති කාර්යාලය හරහා භාෂා පරිවර්තකයකුගේ සහාය ලබා ගන්නා බවත් පොලිසිය කියයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ලොකු ලොකු බවලත්තු ආපු ගියපු කොල්ලුපිටියේ මඩමක් මාට්ටු - හතේ දියණිය හසු වූ විසි හතරේ සුරූපී තරුණියගේ ඇදහිය නොහැකි දේපල වාහන මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com