728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, June 13, 2023

ගඟට නාන්න ගිය හිටපු ගුරුවරියක් මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම..කකුල කිඹුලෙක් කඩාගෙන යයි

 අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේදී වලව ගඟේ දිය නාද්දී කිඹුලකු විශ්‍රාමික ගුරුවරියක ඩැහැගෙන ගොස් ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසනවා.


කිඹුලාගේ ගොදුරක් වූ ගුරුමව ඩැහැගෙන යද්දී අවට සිටි පිරිස් කෑකෝ ගැසීම නිසා කිඹුලා ඇගේ කකුලක් කඩාගෙන ගොස් ඇති බවයි අම්බලන්තොට ගගන වාර්තාකරු පැවසුවේ.

පසුව ප්‍රදේශවාසීන් එක්ව මිය ගිය විශ්‍රාමික ගුරුවරි‍යගේ සිරුරු ගොඩ ගෙන ඇති අතර ගොඩට ගන්නා අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිටි බවයි පැවසෙන්නේ.

කිඹුල් ප්‍රහාරයට ලක්ව මිය ගියේ පී. සමරසිංහ නම් 75 වැනි වියේ පසු වූ විශ්‍රාමික ගුරුවරියක්.

ඇය අම්බල්නතොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරයකුගේ බිරිද වන බවද අප වාර්තාකරු කියා සිටියා.

මිය ගිය ගුරුවරියගේ සිරුර අම්බලන්තොට වාදුරුප්ප ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කොට ඇති අතර මරණ පරීක්ෂණය මේ වන විට සිදු කර තිබේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ගඟට නාන්න ගිය හිටපු ගුරුවරියක් මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම..කකුල කිඹුලෙක් කඩාගෙන යයි Rating: 5 Reviewed By: webgossip24.com