728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, June 9, 2023

නොසැලිකිලිමත් නිසා වුන දේ වහන්න බොරු කියලා - අවසානයේ පුංචි සනේත්ට ජීවිතය අහිමි වෙයි - ජායාරුප


 තලාහේන හල්බරාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ වැඩ බිමක තණකොළ කපන යන්ත්‍රයක තලයක් වැදීමෙන් බරපතල  කැපුම් තුවාල ලබා වසය අවුරුදු 5 1/2  පිරිමි දරුවකු මියයාමේ සිද්ධියට එහි තණකොළ කැපූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය සඳහන් කළා.

නොසැලකිලිමත් ක්‍රියාවකින් දරුවාගේ මරණ සිදුකර, ඒ සම්බන්ධයෙන් පොලිසියට ව්‍යාජ තොරතුරු ලබා දී අසත්‍ය කතාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙනුයි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දරුවා වීදුරු බෝතලයක් සමග සෙල්ලම් කිරීමේ දී ඔහු බෝතලය මතට වැටී තුවාල ලැබු  බවට සැකකරු මුලින්ම පොලිසියට දැනුම් දී ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ තලාහේන් හල්බරාවේ පදිංචි ජොනිත් මාර්ක් ෆෝන්සේකා නමැති දරුවා බව පොලිසිය සඳහන් කළා.

ඔහුගේ තණකොළ කපන යන්ත්‍රය දෝෂයක් නිසා එය එහි  බිම තබා කිහිපවරක්ම ක්‍රියාත්මත කළ බවත්, එම අවස්ථාවේ  එය වේගයෙන් ඉදිරියට ඇදී ගොස් තලය අසල තිබු හිස් මත්පැන් බෝතලයේ වැදී  එය බිදී ගිය බවයි.

එම අවස්ථාවේ තමා යන්ත්‍රය ඔසවා පැත්තට ගත් අවස්ථාවේ ඒ අසලින් සිට සිද්ධිය බලා සිටි දරුවාගේ උදරයේ  තලය වැදී උදර ප්‍රදේශය බරපතල ලෙස කැපී ගිය බවට එම සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

දරුවා මිය යාමට පැයකට පමණ පෙර එම ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් දරුවා එම වැඩබිමේ සිටින ආකාරය දැක තිබූ අතර ඇය පවසන්නේ එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් ඒ අසළ තණකොළ කපමින් සිටි බවයි.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැකබලාගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසින්.

සීයා මෙම අනතුර වූ වැඩබිමේ මුරකරු ලෙස සේවය කරන නමුත් ඊයේ ඔහු වෙනත් ගමනක් ගොස් තිබෙනවා.

සීයා දරුවාව අසළ නිවසක තබා යාමට සූදානම් වුවත් දරුවා පවසා ඇත්තේ “සීයා ගිහින් එන්න. මම තණකොළ කපන මාමා එක්ක පරිස්සමෙන් ඉන්නම්.” වශයෙනුයි.

දරුවා වීදුරු බෝතලයක් උඩ වැටී මියගොස් සිටින බවට අසළ නිවැසියෙකු වෙත දන්වා ඇත්තේ තණකොළ කපමින් සිටි පුද්ගලයා විසිනුයි.

බිඳී ගිය වීදුරු බෝතලයේ කොටස් ඇති ස්ථානය සහ දරුවා මිය ගොස් වැටී සිටි ස්ථානය අතර පරතරය අඩි හතරක් වන නමුත් එම පරතරය තුළ බිම කිසිදු ලේ පැල්ලමක් නොතිබීම පොලිසියේ සැකයට තුඩුදී තිබුණා.

එමෙන්ම මෙවැනි කුඩා දරුවකුගේ සිරුරට යටවී බෝතලයක් එතරම් කුඩා කැබලිවලට බිඳීයා නොහැකි බවත් පොලිසියේ නිරීක්ෂණය වී තිබුණා.

ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා කෙරෙන විමර්ශන වෙනුවෙන් මුල්ලේරියාව පොලීසිය අද දරුවාගේ සීයා සහ දරුවා මියයන අවස්ථාවේ එහි සිටි බව කියන තණකොළ කැපූ පුද්ගලයාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරුණා.

තණකොළ කපමින් සිටි පුද්ගලයා කොට්ටාවේ පදිංචිකරුවකු වන අතර ඔහු පොලිසිය හමුවේ පාපොච්ඡාරණයක් සිදුකර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ තම තණකොළ කපන යන්ත්‍රෙය් දෝෂයක් පරීක්ෂා කරමින් සිටි අතරතුර අසළ තිබූ වීදුරු බෝතලයක් එහි වැදී බිඳී ගිය බවය.

වීදුරු බෝතලය බිඳී විසිරයාම වළක්වාගැනීම සඳහා තමා යන්ත්‍රෙය් තලය පසෙකට ගත් අවස්ථාවේ එය අසල සිටි දරුවාගේ උදර ප්‍රෙද්ශයේ ගැටුණු බවත් , ඉන් දරුවා තුවාල සහිතව ඇදවැටීමත් සමඟ තමා බියට පත්වූ බවත් තණකොළ කපමින් සිටි පුද්ගලයා පවසා තිබේ.

ඒ අනුව දරුවා වීදුරු බෝතලයක් බිඳී එහි කටු ඇනීමෙන් මියගිය බව ඇඟවීම සඳහා ක්‍රියාකළ බව ඔහු පොලිසිය හමුවේ පාපෝච්ඡාරණය කර තිබේ.

පසුව තමා 119 හදිසි ඇමතුම් අංකය අමතා දරුවකු මියගොස් සිටින බව දැනුම් දුන්නේ යැයිද සැකකරු සඳහන් කර තිබුණි.

ඒ අනුව අද පස්වරුවේ මුල්ලේරියාව පොලීසිය මගින් තණකොළ කපමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය.

51 හැවිරිදි එම පුද්ගලයා  (10 දා ) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ 





  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නොසැලිකිලිමත් නිසා වුන දේ වහන්න බොරු කියලා - අවසානයේ පුංචි සනේත්ට ජීවිතය අහිමි වෙයි - ජායාරුප Rating: 5 Reviewed By: webgossip24.com