728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, June 6, 2023

දුටු දුටුවන් මන බන්දන ලංකාවේ අයේෂා එංගලන්තේ උසාවි විනිසුරුවරියක වූ ප්‍රථම විදේශීය ලාබාලතම කත (ජායාරූප)


 ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු පදවියක් හිමිව තිබේ.

මෙලෙස විනිසුරු පදවියක් හිමිව ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන අයේෂා ස්මාර්ට් නමැති තරුණියකටය.


ඒ අනුව ඇය එංගලන්තයේ විනිසුරුවරියක වූ සුදු ජාතික නොවන ලාබාලතම කාන්තාවයි.


එසේම කුමන හෝ ජන වර්ගයක තුන්වන ලාබාලතම විනිසුරුවරිය වන්නේද අයේෂා මහත්මියයි. 


මේ අතර ඇයගේ තවත් සුවිශේෂීතාවයක් වන්නේ ඇය විශේෂඥ වෛද්‍යවරියකද වීමය.


ඇය 14 හැවිරිදි වියේදී ශ්‍රී ලංකාවේ සිට එංගලන්තය බලා සංක්‍රමණය වී ඇත.


අනතුර ඇය එංගලන්තයේ ලීඩ්ස් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හදාරා ඇත.


අනතුරුව ඇය හැරොගේට් හි විශේෂඥ වෛද්‍යවරියක ලෙසද කටයුතු කර තිබේ.


අනතුරුව ඇය ලීඩ්ස් සරසවියේම නීතිවේදය හැදෑරීමට පියවර ගෙන ඇත.


පසුව ඇය බැරිස්ටර්වරියක් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව මෙලෙස විනිසුරුවරියක ලෙස පත්වීම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිය දක්ෂතාවය පිළිබඳව අදහස් දක්වමින් ඇය මාධ්‍ය වෙත පවසා ඇත්තේ වර්ගය, ජාතිය, වර්ණය සහ වයස කරුණු සාර්ථකත්වය සඳහා කිසිදු බලපෑමක් සිදුනොකරන බවය.





  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දුටු දුටුවන් මන බන්දන ලංකාවේ අයේෂා එංගලන්තේ උසාවි විනිසුරුවරියක වූ ප්‍රථම විදේශීය ලාබාලතම කත (ජායාරූප) Rating: 5 Reviewed By: webgossip24.com