728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, June 9, 2023

ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට බුලත් - කෙසෙල් ගෙනාපු ශ්‍රී ලාංකිකයාට අමතක නොවෙන දඩයක් ගුවන්තොටුපළේදී


 ශ්‍රී ලංකාවේ සිට බුලත් කොළ – කෙසෙල් – පිටි ඇතුලු ආහාර ද්‍රව්‍ය කිහිපයක් සිය ගමන් මල්ලෙහි සගවාගෙන ඔස්ට්‍රේලියාවට රැගෙන ආ පුද්ගලයෙකුට සිඩ්නි ගුවන් තොටුපළේදී ඩොලර් 5,500 ක දඩයක් නියම කර තිබෙනවා.

පසුගිය මැයි 16 වනදා මෙම තැනැත්තා සිඩ්නි ගුවන් තොටුපළ වෙත ළගා වී ඇති බවයි අනාවරණය වන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ බලාත්මක වන නව ජෛව ආරක්ෂණ නීති යටතේයි මෙවැනි ඉහළ දඩයක් නියම කර ඇත්තේ.

මීට අමතරව අදාළ සතිය තුළදීම පිලිපීනය සහ වියට්නායමයේ සිට බ්‍රිස්බන් සහ මෙල්බන් දක්වා පැමිණි ගුවන් මගීන් 03 දෙනෙකුද ශාඛමය කොටස් රැගෙනඒමේ චෝදනාවට ලක්වී තිබෙනවා.

ඒ අනුව මෙම මගීන් 04 දෙනාටම ඩොලර් 22,000 ක මුලු දඩ මුදලක් නියම කර ඇති බව සඳහන්.

මෙම වසරේ ජනවාරි 01 දා සිට ඔස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ නීති දැඩි කෙරුණු අතර ඒ අනුව තහනම් ද්‍රව්‍ය රැගෙන එන හෝ ගෙන එන ද්‍රව්‍ය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ට ඩොලර් 5,500 ක දඩයක් නියම කෙරෙනවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට බුලත් - කෙසෙල් ගෙනාපු ශ්‍රී ලාංකිකයාට අමතක නොවෙන දඩයක් ගුවන්තොටුපළේදී Rating: 5 Reviewed By: webgossip24.com