Thursday 24, Jul 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, June 9, 2023

Unknown දික්කසාද නඩුව තවම ඉවර නෑ මම ගොඩක් අසරණ වෙලා ඉන්නෙ

 


සර කීපයකට කලින් රූපවාහිනියේ සම්මානනීය රංගන ශිල්පිනියක් විදිහට  ප්‍රේක්ෂකයන් හමුවට ආපෝ දක්ෂ කලාකාරිණියක් තමයි නදී චන්ද්‍රසේකර කියන්නේ.හැබැයි ඇය රංගන ජීවිතය තුළ ජනප්‍රිය වෙන්න පටන් ගත්තට පස්සේ ඇය ගැන කිසිම තොරතුරක් දැන කියාගන්න අපිට අවස්ථාව ලැබුණේ නැහැ.

ගොඩක් දෙනෙක් කිව්වා ඇයගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් හැලහැප්පීම් නිසා මේ විදිහට නදී චන්ද්‍රසේකර කියන රංගන ශිල්පිනිය වැඩිපුර පුංචි තිරයේ දකින්න නැහැ කියන දේ.පහුගිය කාලයේ වැඩිපුරම නිහඩ වෙන් කාලය ගත කරපු ඇයට කලා කටයුතුවලට ආරාධනා ඇවිල්ල ත් නැහැ.කොහොම නමුත් මේ විදිහට ජීවිතේ ප්‍රශ්න ප්‍රශ්නත් එක්ක පැත්තකට වෙලා හිටපු නදීට ක්ෂේත්‍රයේ තවත් සමීපතම රංගන ශිල්පිනියක් වෙච්ච පියුමි බොතේජු හැමදාමත් උදව්වට ඉඳලා තියෙනවා.ඉතින් ඇය කාලාන්තරයක් තිස්සේ ම නිහඩ වෙලා හිටපු හේතුව ගැන මීට ටික කාලයකට කලින් පුවත්පතකට කියල තිබ්බ මේ වගේ කතාවක්..

“මම විසින්ම අධ්‍යක්ෂණය කළ ළා සඳ පාමුල නාට්‍ය කොටස් තිස් එකක් විකාශය වෙද්දී අතරමග නතර කළා.ඒකට අදටත් නඩු කියනවා ඒ වගේම මගේ පුද්ගලික ජීවිතේ දික්කසාද නඩුවක් වසර පහකට ආසන්න කාලයක් තිස්සේ තවම ඇදි ඇදී යනවා. මේ වගේ තත්ත්වයක් නිසා හරියට අසරණ වෙලා හිටියේ හැබැයි දැන්නම් දැන් නම් අලුත් හුස්මක් වැටෙනවා.පියුමි බොතේජු මාත් එක්ක  ගොඩක් ළගින් හිටියා.මගේ හිත සැනසුවේ ශ්‍රියානි අමරසේන මහත්මිය.”

ඒ වගේම වගේම ඇය මේ නීත්‍යානුකූල වැඩ ටික අවසන් උනාට පස්සේ ආයෙමත් සැරයක් රංගනයත් එක්ක එකතු වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා සඳහන් කළා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දික්කසාද නඩුව තවම ඉවර නෑ මම ගොඩක් අසරණ වෙලා ඉන්නෙ Rating: 5 Reviewed By: webgossip24.com