728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, September 4, 2023

පාස්කු සිදුවීම පිටුපස සිටියේ කවුද ? සියළු හෙළිදරව් කිරීම සජීවී නරඹන්න මෙන්න


 පාස්කු ප්‍රහාරය සදහා, රාජපක්ෂ පවුලට හිතවත් නිළධාරීන් සම්බන්ධ බවට වූ චෝදනාව 
නැවත, අළුත් වටයකින්, කරලියට පැමිණ තිබේ.චැනල් ෆෝ රූපවාහිනී නාලිකාව ඔස්සේ හෙට දිනයේ දී විකාශය කිරීමට නියමිත, පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා වැඩසටහන තුළ මෙම කරුණු සවිස්තරව අඩංගු වන බව පැවසේ.

වාර්තා වැඩසටහන හමුවේ පෙනී සිටින එක් තොරතුරු සපයන්නෙකු පවසා ඇත්තේ, තමන්, 2018 වසරේ දී, සුරේශ් සලෙයි සහ අයි.එස්. ත්‍රස්තවාදීන්ට අනුබද්ධ බෝම්බකරුවන් සමඟ පැවති හමුවකට සහභාගී වූ බවයි.

මෙම හමුව, රට අස්ථාවර කොට, නැවත රාජපක්ෂලා බලයට ගෙන ඒම සදහා කුමන්ත්‍රණය කිරීමේ අපේක්ෂාවෙන් පැවැති එකක් බව ඔහු පවසයි.
රැස්වීම අවසන් වීමෙන් පසුව, තමන් ඉදිරියට පැමිණි සුරේශ් සලෙයි, “ලංකාව තුළ අනාරක්ෂිත තත්ත්වයක් අවශ්‍යයි.. ගෝඨාභයට බලයට එන්න තියෙන එකම ක්‍රමය එය” යැති පැවසූ බව හන්සීර් අසාද් මවුලානා නමැති, අදාල තොරතුරු සපයන්නා හෙළි කරයි.

“පාස්කු ප්‍රහාරය දිනකින් දෙකකින් දියත් කළ ප්‍රහාරයක් නොවේ, එය වසර දෙක තුනක් තිස්සේ සකස් වෙමින් තිබුණා…” තොරතුරුකරු වැඩිදුරටත් පවසා තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මාස හයකට පසුව, ගෝඨාභය රාජපක්ෂ, ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පොරොන්දු වෙමින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වූ අතර, ඔහු ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව, සුරේශ් සලෙයි හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.

චැන්ල් ෆෝ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන හමුවේ රහස් රැසක් හෙළි කරමින් සිටින හන්සීර් අසාද් මවුලානා, පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඇති අතර, මේ වන විටත් ඔහු තමන් සතු තොරතුරු යුරෝපීය බුද්ධි අංශ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ හෙළිකර තිබෙන බව පැවසේ.

චැනල් ෆෝ වෙත තොරතුරු ලබා දී තිබෙන ප්‍රධාන තොරතුරු කරුවන හන්සීර් අසාද් මවුලා සුරේශ් සලෛයි සම්බන්ධයෙන් ලබා දී තිබෙන තොරතුරු, නම හෙළි කිරීමට අකමැති තවත් ඉහළ නිළධාරියෙකු විසින් සහතික කර තිබෙන බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරයට පෙර සහ පාස්ක-ු ප්‍රහාරයට පසුව, පොලිසිය විසින් දියත් කර තිබුණු විමර්ශන කටයුතු කඩාකප්පල් කිරීම සදහා හමුදා බුද්ධි අංශ මැදිහත් වූ බව එකී රාජ්‍ය නිළධාරියා වැඩි දුරටත් පවසා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 වසරේ බලයට පත්වීමෙන් පසුව, පාස්ක-ු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කළ සියළු නිළධාරීන් මාරුකර යවා ඇති බවද එම නිළධාරියා පවසයි.

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනයේ උදෑසන, තමන්ට සුරේශ් සලෛයි ගෙන් දුරකථන ඇමතුමක් ලැබුනු බව හන්සීර් අසාද් මවුලානා පවසයි.

ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් එක් අයෙකු රැගෙන එන ලෙස සුරේශ් සලෛයි උපදෙස් දුන් නමුත්, තමන්ට එය කළ නොහැකි වූ බව හන්සීර් අසාද් මව්ලානා පවසයි.

ටාජ් සමුද්‍රා හෝලටයට ගොස් සිටි බෝම්බකරුවෙකුට හදිසියේ ම දුරකථන ඇමතුමක් එන බවත්, එම ඇමතුම ලැබීමෙන් පසුව අදාල පුද්ගලයා, බෝම්බය පුපුරවා ගැනීමකින් තොරව එම හෝටලයෙන් පිටව යන බවත් සී.සී.ටී.වී දර්ශන වලින් පැහැදිලිවම පෙනෙන බව පැවසේ.
ටාජ් සමුද්‍රා හෝටලයට බෝම්බය රැගෙන ගිය බෝම්බකරු, පසුව, දෙහිවල පිහිටි ට්‍රොපිකල් ඉන් නම් නවාතැනක දී සිය බෝම්බය පුපුරවාගෙන තිබුණි.

අදාල වැඩසටහන සජීවි නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න

https://www.channel4.com/tv-guide/2023/09/05

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පාස්කු සිදුවීම පිටුපස සිටියේ කවුද ? සියළු හෙළිදරව් කිරීම සජීවී නරඹන්න මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com