728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, August 29, 2023

සරාගී බව හැමෝටම පිහිටන්නේ නැහැ

 


කලා ලෝකයේ ඉන්න තවත් සුන්දර රංගනශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නෙ. මේ දවස්වල සල්ලි පොකුරු ටෙලිනාට්‍යයෙන් ශෙහානි රසිකයො අතරට ඇවිත් ඉන්නවා. ඒ ගැන වගේම ඇයගේ අලුත්ම විස්තර දැනගන්න අපි හිතුවා ⁣ශෙහානි එක්ක කතා කරන්න.




මේ දවස්වල සල්ලි පොකුරු එක්ක වැඩකටයුතු කොහොමද ?

මම රංගනයෙන් සම්බන්ධවෙලා ඉන්න අලුත්ම ටෙලිනාට්‍යය තමයි සල්ලි පොකුරු කියන්නෙ. සද්දාමංගල සූරියබණ්ඩාරගේ තිරරචනයෙන් සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගෙ අධ්‍යක්ෂණයෙන් තමයි සල්ලි පොකුරු නිර්මාණය වෙන්නෙ.

චණ්ඩි චරිතයක්ද රඟපාන්නෙ ?

ඔව්. මගේ චරිතයේ නම මිශී. ටිකක් කටකාර රණ්ඩුවට බර චරිතයක් තමයි මිශී කියන්නෙ.

සැබෑ ජීවිතයේදිත් රණ්ඩුවට බරයිද ?

අනේ නැහැ. මම පාඩුවෙ අහිංසක විදිහට ජීවත්වෙන ගෑනු ළමයෙක්. හැබැයි මට වැරැද්දක් කරන්න ආවොත් කේන්තියන වෙලාවල් තියනවා.

කොණ්ඩෙ ක්‍රේල්කරේ සල්ලි පොකුරුවලටද ?

නැහැ. ගොඩක්දෙනෙක් හිතාගෙන ඉන්නවා මම සල්ලි පොකුරුවලට කොණ්ඩෙ ක්‍රේල් කරලා කියලා. ඇත්තටම මේ මගේ ස්වභාවික කොණ්ඩය. ක්‍රේල් විදිහට තමයි මගේ කොණ්ඩය පිහිටලා තියෙන්නෙ.

කාලෙකට පස්සෙ නේද ටෙලිනාට්‍යයක රඟපාන්නෙ ?

ඔව්. අවුරුදු එකහාමාරකට විතර පස්සෙ තමයි මම රඟපාන ටෙලි නාට්‍යයක් විකාශය වෙන්නෙ. අන්තිමට මම රඟපෑවෙත් සද්දාමංගල සූරියබණ්ඩාර තිරරචනය කරපු ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරපු පාර වසා ඇත ටෙලිනාට්‍යයේ.

ක්ෂේත්‍රය තුළ කැපිලි කෙටිලි තියන නිසාද වැඩිය පේන්න නැත්තෙ ?

නැහැ. මට කැපිලි කෙටිලිවත් ඊර්ෂ්‍යාකාරයොවත් නැහැ. නිර්මාණවලින් ආරාධනා ලැබෙනවා. හැබැයි මම ඒ හැම නිර්මාණයක්ම භාරගන්නෙ නැහැ. මගේ හැකියාවන් හොඳට ඉදිරිපත්කරන්න පුළුවන් නිර්මාණ විතරයි මම භාරගන්නෙ. පහුගියකාලෙදි මම හොඳ ටෙලිනාට්‍යය කිහිපයක් භාර අරගෙන රඟපෑම් කටයුතුකළා. ඉදිරියෙදි ඒ ටෙලිනාට්‍යය විකාශය වෙයි.

ඊර්ෂ්‍යාකාරයො නැහැ කිව්වට ව්‍යාජ ඡායාරූප යොදාගෙන සමාජ මාධ්‍යවලින් මඩ ප්‍රහාර එල්ලකරනවා නේද ?

මගේ හැඩරුවට සමාන විදිහට සංස්කරණයකරලා හදපු නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරලා තිබුණා. ඇත්තටම ඒ දේවල් අපිට පාලනය කරන්න බැහැ. තමන්ගෙ සතුට වෙනුවෙන් හෝ පේජ් ජනප්‍රියකරගන්න හෝ මගේ ඡායාරූප සංස්කරණය කරලා ප්‍රසිද්ධ කරන්න ඇති. කලා ක්ෂේත්‍රයේ කටයුතු කරනකොට ඔහොම දේවල්වලට මුහුණ දෙන්නවෙනවා. හැබැයි මම ඒවයින් කවදාවත් මානසිකව වැටුනෙවත් යන ගමන නැවැත්තුවෙවත් නැහැ.

දැන් සිංදු කියන්නත් පටන් අරගෙන නේද ?

ඔව්. මේ වෙද්දි මම ගායන ක්ෂේත්‍රයේ ගායිකාවක් විදිහට කටයුතු කරනවා. උන්මාදෙන් තමයි මගේ අලුත්ම ගීතය. ඇත්තටම ඒ ගීතය මම නිර්මාණය කරන්න හිතුවෙ 2021දි. නමුත් කාර්යබහුලත්වය නිසා 2023 දී තමයි ගීතය නිර්මාණයකරලා එළිදක්වන්න අවස්ථාව ලැබුණෙ.

වැඩිය පේන්න නැතිවුණාට ජනප්‍රියත්වයනම් අඩුවක් නැහැ නේද ?

ඒක ඇත්තටම හරි පුදුම දෙයක්. කලා ක්ෂේත්‍රයේ ඉන්න සමහර නළුනිළියන්ගෙ ජනප්‍රියත්වය කාලෙකදි වැඩිවෙනවා තවත් කාලෙකදි අඩුවෙනවා. හැබැයි මම ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා ජනප්‍රියත්වය දවසින් දවස ඉහළගියා මිසක පොඩ්ඩක්වත් අඩුවුණේ නැහැ.

පිරිමි ළමයින්ගෙන් වැඩි ආකර්ශනයක් තියනවා නේද ?

ඔව්. ⁣පිරිමි ළමයින්ගෙන් ගොඩක් ලොකු ආකර්ශනයක් වගේම ආදරයක් මට ලැබෙනවා. ඉතින් ඒ ආදරේට මාත් ආදරෙයි. හැමදාම මගෙත් එක්ක ඉන්න කියලා ඒ අයට මම ආරාධනා කරනවා.

ඒ අය අතරින් හිතගිය කෙනෙක් නැද්ද ?

හිතගිය කෙනෙක් ඉන්නවා හැබැයි දැන්මම ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න මට අදහසක් නැහැ. දැන් ආදරය කරන්න පටන්ගත්තොත් මගේ කලා කටයුතුවලට බාධාවෙනවා. කවුරුත් වැඩිය නොදන්වාවුනාට රඟපානවට, සිංදු කියනවට අමතරව මම තවත් කලාකටයුතුවල නිරතවෙනවා. ඒ නිසා තව ටිකක් මගේ වෘත්තීය ජීවිතයෙන් ඉස්සරහට ගිහින් ආදරයක් ගැන හිතනවා.

මොනවද ඒ වැඩිය කවුරුත් දන්නෙ නැති කලා කටයුතු ?

මම නර්තනශිල්පිනයක් විදිහට කටයුතුකරනවා. ඒ වගේම චිත්‍රශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. පුංචිකාලෙ ඉඳලා මේ සියලුම කලා හැකියාවන් තිබුණා. හැබැයි දැන් තමයි මම ඒ දේවල් හරියට අඳුරගෙන වෘත්තීය මට්ටමින් අත්හදාබලන්නෙ.

විලාසිතාවලට ගොඩක් කැමතියි නේද ?

ඔව්. මම හරි ආසයි වෙනස් විදිහෙ විලාසිතා කරන්න. ලෝකෙ අනිත් රටවල විලාසිතා මොනවිදිහෙ ඒවද කරන්නෙ කියලා බලලා ම⁣ට ගැළපෙන විදිහට මාව ලස්සනට පේනවිදිහෙ වෙනස් විලාසිතා මම කරනවා.

විලාසිතාවලට සමාජයෙන් එල්ලවන විවේචනවලට මුහුණ දෙන්නෙ කොහොමද ?

සමාජයෙන් එල්ලවන විවේචන මම බැහැර කරනවා. මම කරන විලාසිතා මට ලස්සනයිනම් ඒක සමාජයට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. ඒ නිසා සමාජය කියන දේවල් මම ගණන්ගන්නෙ නැහැ.

ඇඟ ලස්සනට තියාගෙන ඉන්නෙ කොහොමද ?

මට තියෙන්නෙ ස්වභාවිකව හැඳුණ සිහින් ඇඟක් මිසක කෘතිම දේවල් කරලා හදාගත්ත ඇඟක් නෙමෙයි. නැටුම් තමයි ව්‍යායාමයක් විදිහට කරන්නෙ. ඒ ඇරෙන්න ලස්සන වෙන්න කියලා විශේෂ දෙයක් කරන්නෙ නැහැ.

පෙනුම නිසා ගොඩක්දෙනා අතර සරාගී රංගනශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධවෙලා තිබීම ගැන මොකද හිතන්නෙ ?

සරාගීකම හැමෝටම පිහිටන්නෙ නැහැ. ඉතින් ඒ විදිහෙ දුර්ලබ ලස්සනක් සහ ආකර්ශනයක් මට තියනඑක ගැන සතුටුවෙනවා.

පෙනුමට ගැළපෙන සරාගී චරිතයක් ලැබුණොත් රඟපානවද ?

මගේ ප්‍රතිරූපයට හානිවෙන්නෙ නැති යම්කිසි සීමාවක ඉඳගෙන කරන්න පුළුවන් තත්ත්වයෙන් උසස් නිර්මාණයක අඩනිරුවත් හෝ සිපගැනීම් දර්ශන තියන සරාගී චරිතයක් ලැබුණොත් මම රඟපානවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සරාගී බව හැමෝටම පිහිටන්නේ නැහැ Rating: 5 Reviewed By: webgossip24.com