728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, September 24, 2023

තරුණියට පෙර වැරදි තියෙනවා - ඒත් කරපු වැඩේ වැරදියි පොලිසියෙන් හැමෝටම අවවාදයක් , හත්දෙනෙක් පොලිස් අත්අඩංගුවට


 සුපිරි වෙළෙඳ සැල් තුළ හෝ වෙනත් වෙළෙඳ සැල්වල භාණ්ඩ සොරකම්  කිරීම සම්බන්ධයෙන් අල්ලා ගන්නා  පුද්ගලයන්ට පහර දීම්  සිදුනොකර ඔවුන්  සම්බන්ධයෙන් ළගම ඇති පොලිසිය දැනුවත් කර   පොලිසියට බාර දෙන ලෙසට   පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ  නිහාල් තල්දූව මහතා  ඉල්ලා සිටියි.

 භාණ්ඩ සොරකම් කිරීම විමර්ශන  කිරීමට පොලිසිය තිබියදි භාණ්ඩ සොරකම් කළ වරදට  කිසිවකුට පහර දීමක් සිදුකළ නොහැකි බවද හෙතෙම කීය.

මේ ආකාරයෙන් නීතිය අතට ගෙන කිසිවකුටත් පහර දීමට අයිතියන් නොමැති බවත්, සුපිරි වෙළඳසැල් වල කළමනාකරුවන්  මේ සම්බන්ධයෙන් සියලු සේවකයන් දැනුවත් කළ යුතු බවද හෙතෙම පැවසීය.

බොරැල්ල කොටා පාරේ  සුපිරි වෙළෙඳ සැලක පසුගියදා   භාණ්ඩ සොරා ගත් තරුණියකට   එහි සේවයකයන් පිරිසක්  පහර දෙන  දර්ශනය ඇතුළත්  වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය වල ප්‍රචාරය වු බවත්, එම පහර දීමේ සිද්ධිය  කිසිසේත් අනුමත නොකරන බවද හෙතෙම පැවසීය.

කිසියම් කෙනෙකු  වෙළඳ සැලේ භාණ්ඩ සොරා ගන්න බවට නිර්ක්ෂණ   වුවහොත් ,   එයට විකල්පය පහර දීම නොව සේවකයන් ඒ සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර එම පුද්ගලයා හෝ කාන්තාව අල්ලා පොලිසියට බාර දීම  සිදුකළ යුතු බවද  හෙතෙම පැවසීය.

පහර කෑ තරුණිය ඉකුත් 18 වෙනිදා  එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පහර කෑ තරුණිය තම  හැඳ සිටි ටී ෂර්ට් එක ගලවා කිසියම් වූ තියුණු ආයුධයකින් අත කපාගෙන එම ස්ථානයෙන් පළා ගොස් තිබිණි.

අදාළ පහරදීම සම්බන්ධයෙන් එම සුපිරි වෙළඳසැලේ ම සේවකයකු අදාළ  වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල කිරීමෙන් අනතුරුව එය සමාජය අතර  දැඩි ආන්දෝලනයට ලක්වූ අතර ඒ සම්බන්දෙන් පොලිසියට දැඩි දෝෂාරෝපණ එල්ල විය.

පහර කෑ තරුණිය මීට පෙරද වැලිකඩ කොල්ලුපිටිය හා කොහුවල  සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන්  චෝදනාවට ලක් වූ  අයිස් මත්ද්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි තැනැත්තියක් බවත් පොලිසිය කියයි

එම තරුණිය 25 හැවිරිදි බොරැල්ල  මැගසින්  පාර පදිංචිකාරියකි.

ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලක්  තුළ දී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් සිව් දෙනෙක් ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් හැටන් දෙහිඅත්තකණ්ඩිය නොර්වුඩ් පදිංචිකරුවන් ය.

තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තරුණියට පෙර වැරදි තියෙනවා - ඒත් කරපු වැඩේ වැරදියි පොලිසියෙන් හැමෝටම අවවාදයක් , හත්දෙනෙක් පොලිස් අත්අඩංගුවට Rating: 5 Reviewed By: webgossip24.com