728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, September 14, 2023

උඹ කොහේද මැරෙන්නේ - නිදන ඇඳුම මැදින් ලයිටරය දල්වා බිරිඳ ඝාතනය කළ සැමියා


 සිය බිරිඳ ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ පුද්ගලයකු වීරඹුගෙදර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරඹුගෙදර රන්ජයගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වඩු කාර්මිකයෙකි.

මෙම අඹුසැමියන් අතර පසුගිය 27 වැනිදා ආරවුලක් ඇතිව ඇති අතර මෙහිදී බිරිඳ විසින් නිවසේ තණකොළ කපන යන්ත්‍රයට දැමීමට තිබූ පෙට්‍රල් බෝතලයක් ගෙන "තමුසේ එක්කමම ජීවත් වෙන්නේ නැහැ" යැයි කියමින් ගිනි තබා ගන්නා බව පවසා ඇත. මෙම අවස්ථාවේ සැමියාද බීමතින් සිට ඇත.

මෙහිදී සැමියා විසින් බිරිඳ අතැති පෙට්‍රල් බෝතලය උදුරාගෙන බිමට වට්ටා ඊට පයින් ගසා ඇත. 

පසුව සැමියා විසින් බිරිඳ බොරුවට ගිනි තබා ගැනීමට ගියැයි කියමින් ලයිටරයෙන් ඇය හැඳ සිටි රාත්‍රි නිදන ඇඳුම අවුළවා ඇත. 

එම අවස්ථාවේ ගිනි ගැනීමක් සිදුව නොමැති අතර පසුව "උඹ කොහේද මැරෙන්නේ" යැයි පවසමින් නිදන ඇඳුම මැදින් ලයිටරය දල්වා ඇත.

එම අවස්ථාවේදී බිරිඳගේ නිදන ඇඳුම ගිනි ගනිමින් ඇයගේ සිරුරම ගිනි ගැනීමට ලක්ව ඇත.

බරපතළ පිලිස්සුම් තුවාල සහිතව ඇය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇය පෙරේදා (13 වැනිදා) මියගොස් ඇත.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: උඹ කොහේද මැරෙන්නේ - නිදන ඇඳුම මැදින් ලයිටරය දල්වා බිරිඳ ඝාතනය කළ සැමියා Rating: 5 Reviewed By: webgossip24.com