728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, September 22, 2023

කොරියාවේ සමුළුවකට ගිය ඇමති ඩීල්දාස සත්කාරක තරුණියකට ලිංගික හිරිහැර කරලා… ඩීල්දාසට සමුළුවට ඇතුළු වීම තහනම් කර Black List කරයි.

 


කොරියාවේ මේ වන විට පැවැත්වෙන අන්තර් ජාතික සමුළුවක් නියෝජය කිරීම සඳහා ගිය රජයේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකු සත්කාරක කොරියානු යුවතියකට ලිංගික හිරිහැර කිරීම නිසා ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමට එම සමුළුව තහනම් කර ඇතැයි කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කියති.

සැප්තැම්බර් 18 සිට සැප්තැම්බර් 21 දක්වා කොරියාවේ පැවැත්වෙන Heavenly Culture, World Peace, Restoration of Light (HWPL) හි 9 වැනි ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා ලංකාවේ ප්‍රබල ඇමැතිවරයෙකු වන “ඩීල්දාස” නම් කුප්‍රකට ඇමැතියා  සහ ඔහුගේ පුද්ගලික ලේකමි 16 දා ලංකාවෙන් පිටත්ව කොරියාවට පැමිණ තිබේ.  ඉහත කී HWPL සංවිධානය එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලද සංවිධානයකි.

පැමිණෙන අමුත්තන් ගුවන්තොටේ දීම ඔල්වරසන් දී මල්මාලා දමා මහත් හරසරින් පිළිගෙන අමුත්තන් සඳහා වෙන් කර තිබූ Grand Hyatt නම් අතිසුඛෝපභෝගී හෝටලය වෙත කැඳවා ගෙන ගිය හ. එහිදී අමුත්තන් වෙනුවෙන් සත්කාරක කොරියානු යුවතියන් ද යොදවා තිබිණි. බංකොලොත් වී ලොව අගෞරවයට පාත්‍ර වී සිටින ශ්‍රී ලංකාවේ නියෝජිතයන්ට ද පෙර කී ලෙසින්ම ඉමහත් ගෞරව බහුමානය දක්වා තිබිණ.

රටට සිදු කර ඇත්තේ සුළු පටු අවමානයක් නොවේ…

නමුත් මේ ඩීල්දාස ඇමැතියා පසුව රටට සිදු කර ඇත්තේ සුළු පටු අවමානයක් නොවේ. ඇමැතියාට සත්කාර සේවා ඉටු කිරීම සඳහා ලබාදී සිටි කොරියානු යුවතියක් සමුළු සංවිධායකයන්ට පැමිණිලි කර සිටියේ ඇමැතියා තමන්ට ලිංගික හිරිහැර කළ බවයි. පැමිණිල්ල කළ ඇය සත්කාරක සේවාවෙන් ඉවත් වී ඇත. පසුව සංවිධායකයෝ පැමිණිල්ල විමර්ශන කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නියෝජිත ඩීල්දාසට සමුළුවට ඇතුළු වීම තහනම් කර Black List කර තිබේ. පසුව ඇමැතියා මේ සිද්ධිය මත තමන් අත් අඩංගුවට ගනු ලැබේවියැයි බිය වී පහසුකම් සපයා තිබූ හෝටලයෙන් ඉවත්ව වෙනත් ස්ථානයකට පලා ගිය බවක් ද සඳහන් වේ.

කෙසේ වෙතත් දැනටමත් සමුළුව පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඇති නිල ෆේස් බුක් පිටුවේ කිසිදු සේයාරුවක ශ්‍රී ලාංකික නියෝජිත පිරිස හෝ ඩීල්දාස හෝ දක්නට නැත. 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කොරියාවේ සමුළුවකට ගිය ඇමති ඩීල්දාස සත්කාරක තරුණියකට ලිංගික හිරිහැර කරලා… ඩීල්දාසට සමුළුවට ඇතුළු වීම තහනම් කර Black List කරයි. Rating: 5 Reviewed By: webgossip24.com