728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, September 10, 2023

මේ දවස්වල හැමෝම වැඩිපුර කතා කරන්නේ ශාරධා


 ඇය අපේ යුගයේ සිහින කුමරියයි. වසර ගණනක් එක පිට ජනප්‍රියම නිළිය සම්මානය දිනා ගත් ඇය තම  මුවෙහි රැ¾දුණු  අවිහිංසක සිනහවෙන් මුළුමහත් රටක් වශී කරගන්නට සමත්  වූවාය. මේ වන විට ජනප්‍රියම නිළිය සම්මානයෙන් ඔබ්බට තමා සතු වූ සුවිශේෂී දක්ෂතාවන් හරහා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් හා රසිකයන්ගේ නොමඳ පැසසුමට ලක්වෙමින් ලංකාව සතුව සිටින හොඳම නිළියක් බවට පත් වීමේ ලකුණු පෙන්වමින් ගමනක යෙදෙන ඇය නයනතාරා වික්‍රමාරච්චිය. ඉතිං මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල මගේ අලුත්ම ටෙලිඩ්‍රාමා දෙකක් විකාශය වෙනවා. ඒ දෙකේ වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි මේ දවස්වල මම අලුත් චිත්‍රපටයකට සූදානම් වෙන ගමන් ඉන්නේ. රූගත කිරීම් නම් තවම ආරම්භ කරලා නැහැ. නමුත් ඉක්මනින්ම ඉදිරි සතිවල රූගත කිරීම් සඳහා විදේශගත වෙනවා.

කොහොමද ශාරධාට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම මේ දවස්වල වැඩියෙම ප්‍රතිචාර ලැබෙන්නේ ජීවිතයේ එක් දවසක් නාට්‍යයේ ශාරධා චරිතයට. තාම නාට්‍ය විකාශය වෙන්න පටන්ගෙන වැඩි දවසක් නොවුණත් හැමෝම ඒ ගැන කතා වෙනවා. විශේෂයෙන්ම ඒක ටිකක් වෙනස් කතාවක්. ඉතින් ශාරධාගේ ගති ලක්ෂණ එක්ක එහෙම තාමත් ප්‍රේක්ෂකයාට මොකද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ. ඔවුන් තාමත් කුතුහලයෙන් ඉන්නේ.

නයනතාරා ශාරාධා බවට පත් වීමේදී මුහුණ දුන් අභියෝග ගැන කතා කරමු?

ඇත්තටම මට ශාරාධා චරිතයට අනුගත වීම ලොකු අභියෝගයක් වුණා. මොකද ශාරධා කියන චරිතය, එයාගේ ගති ලක්ෂණ හරියට අ¾දුරගෙන ඇගේ චරිතය හරියාකාරව නිරූපණය කිරීම අත්‍යවශ්‍ය දෙයක්. මොකද පෞද්ගලිකව ශාරධායි නයනතාරයි කියන්නේ සම්පූර්ණයෙන්ම එකිනෙකාට විරුද්ධ ගති ලක්ෂණ තිබෙන දෙන්නෙක්. ශාරාධා හොඳට ගෙදර වැඩ කරන කෙනෙක්. ඉතින් ඒ දේවල් හරියටම මට කාවද්දගන්න පොඩි කාලයක් ගියා. ඒ වගේම දමිළ භාෂාව භාවිතය. මෙතැනදී භාෂාව නුහුරුයි කියලා වගේම මම ඒ භාෂාවට ආගන්තුකයි කියන එක මොනම විධියකටවත් පේන්න බැහැ. ඒ කාරණයේදී මට ගොඩක් උදවු කළා ලලිත් රත්නායක අධ්‍යක්ෂතුමා. මම හැමදාමත් කියනවා වගේ මම තාම මේ ක්‍ෂේත්‍රයට අලුත්. ඉතින් මම මෙතැනදී ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා ශාරාධාගේ චරිතය මට දුන්නට.

ජනප්‍රියම සම්මානයෙන් ඔබ්බට රසිකයෝ ඔබ ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන ඉන්නවා?

ඇත්තටම සතුටුයි, මගේ රසිකයෝ මම ගැන මේ කාලෙදි එහෙම හිතන එක ගැනත්. ඒකට මම ගොඩාක් ගරු කරනවා. මම හිතන්නේ ඒ වෙනුවෙන් මම තව ගොඩාක් වැඩ කරන්න ඕනි. ඒ වගේම මේ ගමන ඇතුළේ මට ආදරය දෙන – මාව විශ්වාස කරන මගේ ප්‍රේක්ෂකයෝ, මට සහාය වෙන මේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ, සමකාලීන ශිල්පීන් හැමෝටමත් මම ගොඩක් ගරු කරනවා. ස්තුතිවන්ත වෙනවා මට දෙන සහයට.

වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය මේ තුනෙන් ඔබේ හැකියාවන් වඩාත් පෙන්විය හැක්කේ කුමන මාධ්‍ය හරහාද?

වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍යය මේ ධාරාවන් තුනටම මම කැමැතියි. දක්ෂතාව කියන එක මේ ඕනෑම මාධ්‍යයක් හරහා අපිට පෙන්වන්න පුළුවන්. නමුත් මම පෞද්ගලිකව සිනමාවට ටිකක් වැඩියෙන් ආසයි. නමුත් මේ ධාරාවන් තුන හරහාම අපිට ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි වේදිකාව හොඳම තැනක් අපේ දක්ෂතාවන් තව තවත් ඔපමට්ටම් කරගන්න. මොකද සිනමාව හා ටෙලි නාට්‍යයට ලැබෙන කාලසීමාව ගත්තම වේදිකාගත වෙද්දි පෙර සූදානම ගොඩක් වැඩියි. ඉතින් මම හිතනවා වේදිකාව හරහා රංගනය සම්බන්ධයෙන් අපේ හැකියාවන් වැඩි වශයෙන් වැඩිදියුණු කරගන්න හැකියාව තිබෙනවා කියලා.

රංගනය සම්බන්ධයෙන් ඔබේ හැදෑරීම් ගැනත් කතා කරමු?

ඇත්තටම ආදරයෙන් මතක් කරන්න ඕනි අනෝජා වීරසිංහ මහත්මියව. අභින ආයතනයෙන් තමයි මම රංගනය හැදෑරුවේ. ඒ වගේම සද්ධාමංගල සූරියබණ්ඩාර සර්වත් මතක් කරන්න ඕනි. ඔහුගේ ඉම්පාස් ආයතනය. රංගනය කියලා කියන්නේ ජීවිතය වගේම තමයි. ඒක කවදාවත් දවස් හතළිස්පහක, මාසෙක කෝස් එකක් කරලා ඉගෙනගෙන ඉවර කරන්න බෑ. අපේ ජීවිතයේ හැම දවසක් තුළින්ම අපිට රංගනය ඉගෙන ගන්න අවස්ථාව තිබෙනවා. මම හිතනවා අපි ගෙවන හැම මොහොතක්ම හැම අත්දැකීමක්ම අපේ වෘත්තියට එකතු කරගන්න පුළුවන්.

වසර ගණනක් පුරාවට එකම චරිතයකට කොටු වීම අවාසියක් නෙවෙයිද?

ඇත්තටම මගේ පෞද්ගලික මතය කියනවා නම් මාව ප්‍රේක්ෂකයෝ අ¾දුරගන්නේ, මට මේ සියල්ල ලැබෙන්නේ දෙව්මි චරිතය හරහා. ඉතිං මම මෙගා නාට්‍යය හෝ කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන කෙනෙක් නෙවෙයි. මම දකින විධියට එකිනෙකාගේ අවස්ථාවන් හා ආරම්භයන් එකිනෙකට වෙනස්. සමහරු චිත්‍රපටවලින් ක්‍ෂේත්‍රයට එන්න පුළුවන්. තවත් කෙනෙක් වේදිකාවෙන් හෝ මෙගා නාට්‍යයකින් එන්න පුළුවන්. මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ශාරුක් ඛාන්. ඔහු ක්‍ෂේත්‍රයට එන්නේ සෝප් ඔපෙරාවකින්. ඉතින් ඒක එකිනෙකාගේ ටයිම් ලයින් එක. මම ඒ හැම දේටම ගරු කරනවා. ඒ වගේම මම ආපු ෆ්ලැට්ෆෝම් එකට මම ආදරෙයි. මොකද ඒක තමයි මගේ ආරම්භය. ඉතින් මම කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හොඳ විධියට හොඳ නිර්මාණ කරලා ගමනක් යන එක තමයි අරමුණ.

කිසියම් හෝ අධ්‍යක්ෂවරයෙක් ඉන්නවාද කවදා හෝ මොහුගේ නිර්මාණයකට දායක විය යුතුයි කියලා ආසාවක්, බලාපොරොත්තුවක් තිබෙන?

ඇත්තටම එහෙම අධ්‍යක්ෂවරු එක්කෙනෙක් නෙවෙයි තුන්දෙනෙක්ම ඉන්නවා මම කවදාහරි නිර්මාණයකට දායක වෙන්න බලාගෙන ඉන්න. ඒ තමයි ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර හා ප්‍රියන්ත කොළඹගේ කියන අධ්‍යක්ෂවරු තුන්දෙනා. හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා කවදාහරි මේ අධ්‍යක්ෂවරු තුන්දෙනා යටතේ අධ්‍යක්ෂණය වෙන්න.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?

ඉදිරි වැඩකටයුතු ගැන කතා කරද්දි එහෙම ලොකු බලාපොරොත්තු, සිහින වගේ දේවල් නැහැ. නමුත් දැනට ඉදිරියට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න චිත්‍රපටයේ වැඩකටයුතුත් එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මේ දවස්වල හැමෝම වැඩිපුර කතා කරන්නේ ශාරධා Rating: 5 Reviewed By: webgossip24.com