728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, September 20, 2023

භාණ්ඩ කීපයක මිල මේ මොහොතේ සිට පහළට


ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ.


ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය.


මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ.


* සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි.


*දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි.


*හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි.


*සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර, නව මිල රු 620කි.


*ලොකුළූනු කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 195කි.


*රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299කි.



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: භාණ්ඩ කීපයක මිල මේ මොහොතේ සිට පහළට Rating: 5 Reviewed By: webgossip24.com