728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, September 14, 2023

බස් රියේදී තරුණියට අතවර කළ අයි.පීට තරුණියගේ පියා ඇතුළු පිරිසක් හොඳටම පහරදී පොලීසියටම භාර දීලා


 බස් රථයක දි තරුණියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකුට  පහර දී පොලිසියට භාරදීමට තරුණියගේ පියා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළ බව යටියන්තොට පොලිසිය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිතුල්ගල පොලීසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකි

පහර කෑ පොලිස් පරීක්ෂකවරයා අවිස්සාවේල්ල නිවසේ සිට කිතුල්ගල  පොලිසියේ රාත්‍රී සේවයට බස් රථයකින් යමින් සිටියදී යාබද අසුනේ සිටි තරුණියට ලිංගික අතවර කර ඇති අතර ඇය විසින් ඒ බව සිය පියාට දුරකතනයෙන් දැනුම් දීමෙන් අනතුරුව පියා විසින් මිතුරන් පිරිසක් සමග පැමිණ බස් රථය නවතා පොලිස් පරීක්ෂකවරයාට පහර දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත

        එම   සිද්ධිය වීමට පෙර පොලිස් පරීක්ෂකවරයාගේ මෙම පහත් ක්‍රියාව ට ලක් වූ තවත් තරුණියක් බස් රථයෙන් බැස ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි

පහර කෑ පොලිස් පරීක්ෂකවරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු මේ වන විට වැඩ තහනමට ලක්ව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

යටියන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බස් රියේදී තරුණියට අතවර කළ අයි.පීට තරුණියගේ පියා ඇතුළු පිරිසක් හොඳටම පහරදී පොලීසියටම භාර දීලා Rating: 5 Reviewed By: webgossip24.com