728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, October 25, 2023

ඔහු නිසා පෑරුණු හිත හදාගන්න තවමත් බැරිවුණා


 මේක තමයි ජීවිතේ ටෙලි නාට්‍යයට අලුතින් එකතු වූ චරිතය ටීනා එහෙමත් නැතිනම් රන්වන් වර්ණ ගැන්වුණ කැරලි කෙහෙරැළි හි හැඩකාර රූ සපුවකින් යුතුව අපූරුවට රංගනයේ යෙදෙන පුංචි කෙල්ල ගැන බොහෝ දෙනා අහනවා. මේ නිසා රන්වන් කැරලි කෙස් හිමි ඩිල්ෂාරා සෙනෙවිරත්නට අපි කතා කළා.


ඩිල්ෂාරා කොහේ ඉඳන්ද රංගනයට එන්නෙ...


මගේ ගම අනුරාධපුරයෙ නගරයේ ඉඳන් කිලෝමීටර් 12 ක් විතර ඈතින් පිහිටා තියෙන පාහියන්කඩවල කියන සුන්දර ගම්මානය. ඒත් මම ඉපදෙන්නෙ වව්නියාවෙ. පුංචි කාලෙ වව්නියාවෙ කොටි කලබල තදින්ම තිබුණ නිසා අපි අනුරාධපුරයට පදිංචියට ආවා. ඒ ඇවිත් අපි පදිංචි වුණේ අනුරාධපුර නගරයේයි. මම පාසල් ගියේ අනුරාධපුර නිවන්තනචේතිය මහා විද්‍යාලයට.


ලාවට එන්න මග පෑදුණේ කොහොමද...


ඉස්කෝලෙ කාලෙ මම සංගීතය, නැටුම් සහ රංගනය තුනම කළා. වෙලාවකට මම සංගීතයෙන් සමස්ත ලංකා තරගවලට ඉදිරිපත් වුණා. තවත් වෙලාවකට නැටුම් තරගවලට ඉදිරිපත් වුණා. උසස් පෙළටත් මම හදාළේ කලා විෂයයන්. උසස් පෙළින් පස්සෙ මම කොළඹ ආවා. ඒ ඇවිත් ඩ්‍රීම්ස්ටාර් සීසන් 9 තරගයට ඉදිරිපත් වුණා. ඒ තරගයෙන් මට 20 වැනි ස්ථානයෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඒත් මම කලාව තුළම ඉන්නවා කියන අරමුණෙහිම උන්නා. මගේ අධිෂ්ඨානය සහ හිතවත්කම් ඔස්සේ මම රංගනයට අවස්ථාවක් හොයාගත්තා. ඒ අනුව තමයි මට මානික්ඛාවත සහ පොදු 2 හි පොඩි චරිත දෙකක රඟපාන්න ලැබුණේ. ඊට පස්සේ මේක තමයි ජීවිතේ ටෙලි නාට්‍යයේ ටීනාගේ චරිතය ලැබුණේ.


ඩිල්ෂාරාගේ ඉදිරි වැඩ කටයුතු මොනවද...


මේ දවස්වල ටීනාගේ චරිතය එක්ක තමයි ඉන්නෙ. ඒ චරිතයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ හැරුණාම තවත් නිර්මාණවලට ඇරයුම් ලැබිල තියෙනවා. මම ඒ නිර්මාණවලට කැමැත්ත ප්‍රකාශ කරල තියෙනවා.


ඩිල්ෂාරා රංගනයේ යෙදෙන්නෙ වෙනත් වෘත්තියක නිරත වෙන අතරද?


මම වෙනත් රැකියාවක් කරන්නෙ නැහැ. කලාව තුළමයි ඉන්නෙ. මේ දවස්වල රංගනයට අමතරව මගේ හොඳම යාළුවෙක් එක්ක නැටුම් පන්තියක් කරගෙන යනවා. ගෙදරින් මට උදව් තියෙන නිසා එදිනෙදා දේවල් කළමනාකරණය කරගෙන වැඩ ටික කරගෙන යනවා. ඒත් මීට වඩා ලැබීමක් තියෙනවා නම් හොඳයි කියල හිතෙනවා.

ිල්ෂාරාගේ පෙනුමත් එක්ක නාගරික චරිතවලට කොටුවෙන්න වෙයි කියල හිතෙන්නෙ නැද්ද?


මම හිතනවා මට ඕනම චරිතයක් කරන්න පුළුවන් කියලා. මම කැමැතියි අභියෝගයක් භාරගන්න. මගේ කොණ්ඩෙ කලර් කරලා තියෙන නිසා මාව නාගරික චරිතවලට ගැළපෙනවා කියල හිතුවට මට චරිතයක් ලැබුණොත් ඒ චරිතයට ගැළපෙන විදිහට ස්වරූපය හදාගෙන ඒ චරිතය කරන්න මට පුළුවන්. කොහෙම වුණත් වැඩිහිටියන්ට පමණයි දර්ශන ඇතුළත් අඩ නිරුවත් චරිත නම් මට කරන්න බැහැ. ඒ හැර ඕනම විදිහේ චරිතයක් කරන්න පුළුවන් කියලා මම කිව්වේ.


ඩිල්ෂාරා පෙම්වතියක්ද?


අතීතයේ මගේ ජීවිතයේ පෙම්වතුන් ඉඳල තියෙනවා. ඒත් දැන් මට පෙම්වතෙක් නැහැ.


ිල්ෂාරා ආදරය ජීවිතේ ඈතින් තියාගෙන ඉන්නෙ ඇයි?


ඒකට හේතුවක් තියෙනවා. මට අන්තිමට හිටිය පෙම්වතාගෙන් තද බූට් එකක් කෑවා. ඔහු නිසා පෑරුණ හිත හදාගන්න මට තවමත් බැරිවෙලා තියෙනවා. අදටත් මගේ හිතේ ඒ රිදුම් ඉතිරිවෙලා තියෙනවා. ඒත් ඉදිරියේදී ගැළපෙන කෙනෙක් හමුවුණාම ආදරය කරන්න හිතාගෙන ඉන්නවා.


ඩිල්ෂාරා යාළු මිත්‍රයන් පිරිවරාගෙන සිටින විනෝදකාමී යුවතියක්ද?


මම හැම වෙලාවෙම හිනාවෙලා හැමෝම එක්ක කතාබහ කරලා සතුටින් ඉන්න කැමැති කෙනෙක්. මගේ ඒ බාහිර ගති ලක්ෂණ දිහා බලලා සමහරු මා ගැන වැරැදි අර්ථකථන දෙන අවස්ථා තියෙනවා. ගැහැනු ළමයෙක් දඟකාර විදිහට හැසිරෙද්දි එයා හරිම නැට්ටුක්කාරියක් කියලා කියනවනේ. ඒ වගේ දේවල් මටත් කියනවා ඇහිල තියෙනවා. ඒ වෙලාවට හිත රිදිලත් තියෙනවා. එහෙමයි කියල මට සමාජය කැමැති විදිහට ඉන්න බැහැනේ.


ිල්ෂාරාගේ පවුලේ විස්තර ගැන කිව්වොත්...


අපේ පවුලෙ අම්මයි, තාත්තයි, මමයි, අයියයි, අක්කයි. අක්කා මට වඩා අවුරුදු නවයක් වැඩිමහල්. අයිය මට වඩා අවුරුදු දොළහක් වැඩිමහල්. ඒ දෙන්නම දැන් විවාහකයි. අයියා විදෙස්ගත වෙලා ඉන්නෙ. අක්කා විවාහ වුණාට අක්කගේ පවුලේ අයයි අම්මයි මායි අපි සේරම දැන් ඉන්නෙ කොළඹ එක ගෙදරක. අපේ තාත්තගේ ව්‍යාපාර තියෙන්නෙ වව්නියාවේ. ඒ නිසා තාත්ත ඉන්නෙ වව්නියාවේ.


ඩිල්ෂාරා ෂූටිං යද්දි අම්මාව නැතිවම බැරි නිළියක්ද...


එහෙම කියල නැහැ. මම මගේ වැඩවලට යද්දි, ෂූටිං යද්දි අම්මා එක්කත් යනවා, අක්කා එක්කත් යනවා. අක්කගේ බබාලා ඉන්න නිසා එයාලව බලාගන්න තියෙන නිසා අම්මටයි අක්කටයි නිතරම මා එක්ක එන්න වෙන්නෙ නැහැ. ඒ නිසා මගේ වැඩවලට තනියම යන්න මම පුරුදු වෙලා ඉන්නෙ

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඔහු නිසා පෑරුණු හිත හදාගන්න තවමත් බැරිවුණා Rating: 5 Reviewed By: webgossip24.com