728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, October 31, 2023

අනියම් පෙම්වතා හා එක්ව මොටෝරියෙන් තල්ලුකර සැමියා මරා දමපු බිරිය


 අනියම් පෙම්වතකු සමග වාසය කරමින් සිටි බිරියක තමන් හා විරසකව සිටි සැමියා මොටෝරියකින් විසිකර මැරෙන්නට ඉඩහැර කිසිවක් නොවූ ගාණට කටයුතු කරමින් සිටියදී මාස කිහිපයකට පසු ඝාතන සිදුවීම අනාවරණය කරගත් සිදුවීමක් කෑගල්ල ප්‍ර දේශයෙන් වාර්තාවේ.

 සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාවනැල්ල ගල්අතර ප්‍රදේශයේ පදිංචි ගැමුණු කුමාර ප්‍රේමරත්න (47) නමැත්තෙකි.

මියගිය පුද්ගලයා වසර 10 කට අධික කාලයක් විදෙස් රටක සේවය කර පැමිණි  අයකු වන අතර එසේ පැමිණි පසු ආරවුල් හේතුවෙන් ඔහු බිරියගෙන් වසරකට අධික කාලයක සිට වෙන්ව ජීවත්ව සිට ඇත.41 හැවිරිදි තිදරු මවක වන බිරිය ආරවුලෙන් පසු බිරිය සැමියා අතැර දරුවන් සමග නිවස ආසන්නයේ කුලී නිවසක පදිංචිව සිට තිබේ.

මෙම කාන්තාව හිඟුල ප්‍රදේශයේ හෝටලයක රැකියාවක් කරමින් සිට ඇති අතර, එහි 39 හැවිරිදි විවාහක හිමිකරු සමග ඇය අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. බිරියගේ අනියම් සම්බන්ධය අතටම අල්ලා ගැනීමට යැයි සිය මවට පවසා  මියගිය පුද්ගලයා ඉකුත් ජුලි මස 27 දා රාත්‍රියේ පිහියක් ද අතින් ගෙන බිරිය පදිංචිව සිටින කුලී නිවස අසල සැඟවී බලා සිට ඇති අතර බිරියගේ අනියම් පෙම්වතා බව කියන පුද්ගලයා තවත් පුද්ගලයකු ද සමග මෝටර් රථයකින් ඒ ආසන්නයට පැමිණ තිබේ.

බිරිය සිටි නිවසේ සිට එම දෙදෙනා සිටි මෝටර් රථය වෙත පා ගමනින් යමින් සිටියදී මෙම පුද්ගලයා ඇයට පසුපසින් පැමිණ ඇය සමග බහින් බස් වී  ඇත.

පසුව කාන්තාව ඔහු නොතකා අනියම් පෙම්වතාගේ මෝටර් රථයේ පිටුපස අසුනට නැග ඇති අතර සැමියා මෝටර් රථයේ බොනට්ටුව මතට නැග එහි ඉදිරිපස වීදුරුවට ඔහු අත වූ පිහියෙන් පහර දෙමින් පිටවයාමට බාධාකරමින් සිට ඇත.

සැකකරු මෝටර් රථය ඔහුත් සමග ඉදිරියට ධාවනය කර ඇති අවස්ථාවේ සැමියා බිම ඇද වැටී ඇති නමුත් එයද නොතකා රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි. පුද්ගලයකු මාර්ගයේ වැටී සිටින බවට පොලිසියට සැලවී මෙකී පුද්ගලයා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු එදිනම රාත්‍රියේ මියගොස් තිබුණි.

සිද්ධියෙන් පසුව පළාගිය මෝටර් රථය කෑගල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ දී එම කාන්තාව බස්සවා පසුව ගම්පොළ ගෙලිඔය ප්‍රදේශයේ ගරාජයකින් මෝටර් රථය අලුත්වැඩියා කරගෙන ඇතැයි හෙලිව තිබේ.එම සිද්ධියෙන් පසුව සැකකාරිය හා සැකකරු කිසිවක් නොවූ ගාණට සාමාන්‍ය පරිදි කටයුතු කරමින් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මාස තුනක් තිස්සේ සිදුකළ විමර්ශනයේ දී හෙළි වූ තොරතුරු වලින් පසු සැකකාරියගේ අනියම් සැමියා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඔවුන් අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර තිබේ.

අනියම් පෙම්වතා සමග එක්ව සිය සැමියා මෝටර් රථයෙන් හප්පා මීට මාස තුනකට පමණ ඉහත දී මරණයට පත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ බිරිය, අනියම් පෙම්වතා සහ පනස් හැවිරිදි තවත් අයකු ලබන 8 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි මහතා ඊයේ (30) නියෝග කළේය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අනියම් පෙම්වතා හා එක්ව මොටෝරියෙන් තල්ලුකර සැමියා මරා දමපු බිරිය Rating: 5 Reviewed By: webgossip24.com