728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, October 21, 2023

දම් රැජිණ, සදකුමාරි, විසේකුරුට්ටා වෙනුවෙන් නාමල් පෙරට..


 ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

බස්රථ හිමියන් නාමල් රාජපක්ෂ මහතා ඇතර පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

‘බස්රථ අලංකරණය කිරීම යනු වෙනම කර්මාන්තයක්. ඒ වගේම කලාවක්. ජනතාවට හානි නොවනවානම් බස්රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නෑ.

මාර්ගනීති කඩකරනවානම් හෝ ජනතාවට අපහසුතාවයක් ගෙන දෙනවානම් ඊට නීති තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න. හැබැයි ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතු කල බස්රථ වලට සහනයක් දෙන මෙන් ඉල්ලා සිටිනවා’ යයි මන්ත‍්‍රීවරයා පැවසීය.

මාර්ග බලපත්‍ර වලට පිටින් හා බස්රථ බලපත්‍ර වලට පිටින් නොයන බස්රථ අලංකරණ කටයුතු සිදු කිරීම වරදක් නොවන බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දම් රැජිණ, සදකුමාරි, විසේකුරුට්ටා වෙනුවෙන් නාමල් පෙරට.. Rating: 5 Reviewed By: webgossip24.com