728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, October 8, 2023

ටික් ටොක් විඩියෝවට ශූටින් ගිය 6 ක් අනතුරකට - දෙදෙනෙක් ජීවිතක්ෂයට


 මඩලකලපුව නාවල්අඩි කළපුවේ දී සිසුන් හයදෙනෙක් ගමන්ගත් ඔරුවක් පෙරළී අනතුරක් සිදුව තිබේ.

අද (08) දහවල් 12ට පමණ මඩකලපුව සීලාමුනේ ප්‍රදේශයේ සිට නාවල්අඩි ප්‍රදේශයට මෙම සිසුන් පැමිණ තිබුණි.

පසුව ඔවුන් හයදෙනා නැවත සීලාමුනේ බලා පිටත්වීමට ගොඩට පැමිණෙමින් තිබිය දී ඔරුව පෙරළී එයට යටවී ඇතැයි වාර්තා වේ.

අප වාර්තාකරු පැවසුවේ එහිදී ඔරුවේ ගමන්ගත් සිසුන් අතරින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

මෙම සිසුන් ටික්ටොක් වීඩියෝවක් සැකසීම සඳහා මෙලෙස ඔරුවකින් ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මඩකලපුව ශිලාමනන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 18 සිසුන් දෙදෙනෙකි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ටික් ටොක් විඩියෝවට ශූටින් ගිය 6 ක් අනතුරකට - දෙදෙනෙක් ජීවිතක්ෂයට Rating: 5 Reviewed By: webgossip24.com