728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, January 28, 2023

ලීටරයකින් සත 5ක් පාඩුයි - සනත් නිශාන්ත


ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමේදී ජල සම්පාදන මණ්ඩලය ලීටරයකින් සත පහක පාඩුවක් ලබන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

දැනට මණ්ඩලය ජනතාව සඳහා වතුර ලීටරයක් ලබා දෙන්නේ සත දෙකකට වුවත් එම පිරිසිදු ජල ලීටරය සෑදීම සඳහා සත හතක මුදලක් වැය කරන බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම පාඩුව පියවා ගැනීමට අවශ්‍ය බවත් එහෙත් මේ මොහොතේ ජල බිල වැඩි කිරීම සඳහා තවම තීරණය කර නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ලීටරයකින් සත 5ක් පාඩුයි - සනත් නිශාන්ත Rating: 5 Reviewed By: webgossip24.com