728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, January 30, 2023

අපේ අය මුදලට කරන කූට වැඩ නිසා මෙවර ඉතාලියෙන් නොමිලේ ලබා දෙන වතු විසා 44,000 වෙච්ච දේ


බොහෝ දෙනෙක්ට වතු වැඩ සදහා ඉතාලි රජයෙන් ලබා දෙන  විසා ලාංකීකයින් අතර මෙය වතු වීසා නමින් ප්‍රසිද්ද වුනා. මෙම වීසා එක් කාර්තුවකට නොහොත් සෘතුවකට පමනක් ලැබෙන වීසා එකකී. මෙම සෘතු විසා ඛාන්ඩ කිහිපයක් යටතේ ඉල්ලුම් කල හැකිවේ. මේ අතරින් ප්‍රසිද්දම ඛාන්ඩ දෙක වන්නේ,

එක් කාලයකට පමනක් විවෘත වන සංචාරක හෝටල් හා බා​ර් සදහා ලැබෙන වී​​සා

වතු වැඩ සදහා ලැබෙන වීසා

මෙම වීසා වර්ග ලැබෙනුයේ මාස 6-9 ක් වගේ කෙටි කාලයකටය.මේ සදහා රැකියා අවස්ථාවන් 44.000 ක් ලබාදීමට සූදානම් වනවා.

මෙම සියලුම වී​සා සදහා අයදුම් කරන්නේ කෙසේද? අයදුම් කල හැක්කේ කාහටද?

ලංකාවේ සිටින ඔබ සදහා වෙබ් අඩවියෙන් මේ සදහා අයදුම් කිරීමේ කිසිම හැකියාවක් නෑ.මක්නිසාදයත් මෙම වෙබ් අඩවියට ඇතුල්වීමට අවශ්‍ය දත්ත දැනට ඉතාලියේ පදිංචි අයෙක් විය යුතුය. එමෙන්ම මෙවර 2022 වර්ශයේ වීසා නීතියට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයට මේ සදහා අයදුම් කරන්න අවස්තාව දී තිබෙන්නේ.

මේ විස්තර අනුව ඉතාලියේ යම් සේවායෝජකයෙක් නම් කර තිබෙන රටවල් 31න් (Albania, Algeria, Bangladesh, Bosnia – Herzegovina, Corea (Repubblica di Corea), Costa d’Avorio, Egitto, El Salvador, Etiopia, Filippine, Gambia, Georgia, Ghana, Giappone, Guatemala, India, Kosovo, Mali, Marocco, Mauritius, Moldova, Montenegro, Niger, Nigeria, Pakistan, Perù, Repubblica di Macedonia del Nord, Senegal, Serbia, Sri Lanka, Sudan, Tunisia, Ucraina) පුද්ගලයෙකු රැකියාව සදහා ගෙන්වීමට අදහස් කරන්නේ නම් සේවායෝජකයා තමන් ජීවත් වන ප්‍රදේශයට අදාල il Centro per l’impiego නමින් තිබෙන ආයතනයට අයදුම් පතක් යොමුකල යුතු වනවා. (මෙම ආයතනය රැකියාවක් නොමැතිව ජීවත් වන පුද්ගලයින් ලියාපදිංචි කරගන්නා ආයතනයක් ලෙස නම් කරන්න පුලුවන්)

එම අයදුම්පත යොමු කිරීමෙන් පසුව අදාල ප්‍රදේශයෙන් එම රැකියා අවස්තාව​ට පුද්ගලයෙක් සොයාගන්න පුලුවන් වුනොත් විදේශයකින් පුද්ගලයෙක් ගෙන්වන්න බැරිවෙනවා. මේ වන විට බොහෝ පිරිසක් මේ ආයතනයේ ලියාපදිංචී වී තිබෙන නිසා මෙවර වෙනත් රටකින් කෙනෙක් ගෙන්වන එකනම් හීනයක්ම වෙන්න පුලුවන්.

il Centro per l’impiego ආයතනයට ඉදිරිපත් කල යුතු අයදුම්ප​ත.

එතකොට කොහොමද ලංකාවෙන් ස්පොන්සර් වීසා නීතියට කට්ටිය ගේන්නේ?

il Centro per l’impiego ආයතනයට ලිපිය යොමු කිරීමෙන් දවස් 15ක් ගිහිල්ලත් ඔවුන්ට ඉතාලියෙන් කෙනෙක්ව හොයලා දෙන්න බැරිවුනොත් පලවෙනි චාන්ස් එක ලැබෙන​වා.

il Centro per l’impiego කෙනෙක් රැකියාවට එවලා ඒ කෙනා හරියට වැඩකරන්නේ නැත්නම් හෝ ඒ එවන කෙනා සුදුසු නැත්නම් ඔහුව සේවයෙන් ඉවත් කරලා ලංකාවෙන් ගේන්න පුලුවන්. (මේක ලංකාවේ කෙනෙක්ව රස්සාවෙන් අයින් කරන් තරම් ලේසි නෑ)

il Centro per l’impiego ආයතනයෙන් එවන පුද්ගලයා රැකියාවට වාර්තා කරන්නේ නැත්නම් හෝ සම්මුඛ පරීක්ශනයකටවත් ආවේ නැත්නම් ඔන්න තව අවස්තාවක් හම්බෙනවා.

ඉතිං මේ පාර නම් ලේසි වෙන්නේ නෑ.මුදලට විදේශිකයින් ගෙන්වන එක ගැන ඉතාලියෙන් දන්න නිසාදෝ මේ විදියට නීතී වෙනස් කලේ කියලා හිතෙනවා.මේ තීරනේ නිසා ඉතාලියේ රැකියා විරහිතව ඉන්න අයට නම් හොද කලක් උදාවෙනවා. ඒ වගේම ඒ අයට රැකියා ලැබුනාම ඔවුන් වෙනුවෙන් ලබාදෙන මුදල් ගෙවීමද අවශය වන්නේ නෑ.

මෙම සියලුම නීතීන් හා විදිවිදාන සමග මාර්තු මාසේ 27 වන් දින මෙම අයදුම් පත්‍ර වෙබ් අඩවියට යැවීමේ අවස්තාව තිබෙනවා.මාර්ත් 27 වනදා වෙබ් අඩවිය ඕපන් වීමට පෙර ඩොකුයුමන්ට් සම්පූර්න කර ගැනීමට කාලය ඔවුන් ලබාදෙනවා.ඒ වෙද්දි il Centro per l’impiego එකේ ලිපියත් ඔබේ අතේ තිබිය යුතු වනවා.

සෘතුමය වීසා(වතු වීසා,මාස 9 වීසා) සදහා අයදුම් කරන කෙනෙක් නම් il Centro per l’impiego යාමට අවශ්‍ය නැහැ.

මෙම වීසා එක ආරම්භ වන්නේ  Click Day එකක් විදියට නැත්නම් යවන අයදුම් පත් අතරින් සුදුම කෙනා තොරනවද කියල වැඩි විස්තරයක් නෑ.ඒ ගැන දැනුවත් වුන විගස විස්තර ගෙන එන්නම්.

වීසා ලැබෙන්නෙ කොහොමද?

ඔබ මෙම වීසා සදහා අයදුම් කර සුදුසුකම් ලැබූවෙක් නම් ඔබ වෙනුවෙන් අයදුම් කල සේවායෝජකයාට හෝ තුන්වන පාර්ශවයේ පුද්ගලයාට Email පණිවිඩයක් මගින් දන්වනු ලැබේ. එම දැනුම්දීමෙන් දින 30ක් ඇතුලත ඉතාලියේ ප්‍රෆෙත්තූරා ආයතනයෙන් ලංකාවේ පිහිටි ඉතාලි තානපති කාර්යාලයට ඔවුන්ගේ පරිගනක වැඩසටහන් හරහා Nulla Osta (වීසා අවසරපත) එක යවනු ලැබේ. එමෙන්ම අයදුම් කරු තමන්ගේ ඩොකුයුමන්ට් වල පරිවර්තන,මෙඩිකල් හා වීසා ඇප්ලිකේශන් ෆොම් එක එම්බසියට හෝ එම්බසිය වෙනුවෙන් ඩොකුයුමන්ට් බාරගන්න තැරැව්කාර ආයතනයට බාරදීමෙන් පසුව දින 20ක් ඇතුඅලත ඔබට වීසා අනිවාර්යයෙන් නිකුත් කල යුතු බව දැනුම් දී තිබෙනවා.ලංකාවේ නම් ඒක ඒ විදියටම වෙයිද කියන්න බෑ.

රැවටෙන්නෙ නැතිව මේ වැඩ කරන්නේ කොහොමද?

අප සිතන විදියට 2023 අවුරුද්දේ මේ නීතිය නි​සා ලංකාවේ වැඩිම පිරිසක් හොරුන්ට අහුවෙන්න ​හා මුදල් නැති කරගන්න වස​රක් වෙන්න පුලුවන්. මේකට එක හේතුවක් තමයි il Centro per l’impiego ආයතනය හරහා සේවකයින් තෝරගැනී​ම. ඒ වගේම ලංකාවේ තිබෙන ආර්තීක තත්වය මත ලංකාවේ ඉන්න හැම කෙනාම තමන්ගේ දේපලක් හෝ විකුනා තවත් රටකට යන්න බලන්නේ. වංචාවෙන් මේ වැඩ කරන පුද්ගයින්ට ඔවුන් නිකන්ම අහුවෙන්න පුලුවන්.

වීසා හදාගන්න නම් අනිවාර්යයෙන් ඔහු ඉහත නම් කරපු රැකියා ආයතනය හිමිකරුවෙක් වෙන්න ඕනා.ඔහු ඒ ආයතනයට අදාලව රජයට බදු ගෙවන පුද්ගලයෙක් වෙන්න ඕනා. ඒ නිසා ඉතාලියේ ජීවත්වෙන ඔබේ  මාමට, බාප්පට හෝ ඉතලි පුරවැසිභාව​ය තිබුනා කියලා ඔවුන්ට වීසා හදන්න බෑ.

2020 හා 2022 වසරේ මේ විදියට වීසා හදන්නම් කියලා කෝටි ගනන් වංචා කල මිනිස්සු යහතින් තවමත් සිටිනවා. ඒ අය මේ පාරත් මිනිස්සු රවට්ටාවි. ඒ නිසා තියෙන දෙයක් විකුනලා සල්ලි දෙන්න කලින් සිය පාරක් හිතන්න.

ෆේස්බුක් එකෙන් මැසේක් කරන,Whatsapp එකෙන් මැසේජ් කරන නොදන්න අයට සල්ලි දෙන්න එපා. වැඩි විශ්වාසෙට කියලා ලෝයස්ලා ලග අත්සන් කරලා සල්ලි දෙන්න යන්නත් එපා.සල්ලි ගන්න ගියාම ඕවා නිකන්ම නිකන් කොලයක් විතරයි.

එසේනම් සියලු දෙනාට ඉතාලි සිහින සැබෑවක්ම වේවා!

උපුටාගැනීම - ඉතාලියේ අපි ජොබ් බෑන්ක් 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අපේ අය මුදලට කරන කූට වැඩ නිසා මෙවර ඉතාලියෙන් නොමිලේ ලබා දෙන වතු විසා 44,000 වෙච්ච දේ Rating: 5 Reviewed By: webgossip24.com