728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, January 29, 2023

ජනපති නිදහස් දින උත්සවය අවලංගු කරයි - ඒ වෙනුවට සුපිරි වැඩක්


 ශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයක් පැවැත්විය යුතුද නැත්ද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ කථා බහක් නිර්මාණය වී ඇති අවස්ථාවක ජාතික නිදහස් දින උත්සවයක් අවලංගු කර එම මුදල් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පහසුව වෙනුවෙන් නේවාසිකාගාර ඉදිකිරීමට වෙන්කළ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වෙයි.

ටැන්සානියාවේ ජාතික නිදහස් උත්සවය සෑම වසරකම දෙසැම්බර් 9 දා යෙදී තිබේ. කෙසේ වෙත්ත පසුගිය දෙසැම්බර් මාසයට යෙදුණ ඔවුන්ගේ ජාතික නිදහස් දින උත්සව සැමරුම අවලංගු කිරිමට එරට පාලිකාව කටයුතු කළාය.

ටැන්සානියාවේ ජනපතිනී සමියා සුහුලු හසන් මහත්මිය මෙම තින්දුව ගත්තාය. ටැන්සානියාවේ 61 වන නිදහස් දින උත්සවය සඳහා ඩොලර් 445,000 ක් (රුපියල් මිලියන 160.2) වැය කිරීමට නියමිතව තිබූ අතර, එම මුදල රට පුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර අටක් ඉදිකිරීමට වෙන් කිරීමට කටයුතු කෙරිණි.

කෙසේ වෙතත්, ටැන්සානියාව නිදහස් සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2015 දී එවකට ජනාධිපති ජෝන් මගුෆුලි සැමරුම් අවලංගු කර වාණිජ අගනුවර වන ඩාර් එස් සලාම් හි මාර්ගයක් ඉදිකිරීමට අරමුදල් හරවා යවන ලදී.

2020 දී ඔහු එයම කළ අතර වෛද්‍ය පහසුකම් මිලදී ගැනීමට අයවැය භාවිතා කරන ලෙස උපදෙස් දුන්නේය. වත්මන් ජනාධිපති හසන් ටැන්සානියාවේ පළමු කාන්තා රාජ්‍ය නායිකාව වෙයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ජනපති නිදහස් දින උත්සවය අවලංගු කරයි - ඒ වෙනුවට සුපිරි වැඩක් Rating: 5 Reviewed By: webgossip24.com