728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, January 29, 2023

කළුතර විහාරස්ථාන දෙකක ආරවුලක් - දෙනමක් රෝහලේ

 


කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන්වහන්සේලා දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ දෙනමක් රෝහල් ගතකර ඇතැයි කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශයකයෙක් පැවසීය.

සම්බන්ධයෙන් විහාරස්ථානයේ නායක හිමිනමක් විසින් පැමිණිල්ලක් කැර ඇතැයිද කළුතර උතුර පොලිසිය පවසයි.

පහරකෑමෙන් රෝහල් ගතකර ඇත්තේ එම විහාරස්ථානයේ වැඩවසන පොළොන්නරුව සහ දැරණියගල ප්‍රදේශයෙන් පැමිණ පැවිදිවූ 18 හැවිරිදි  දෙනමක් බවද සදහන් වේ.

විහාරස්ථානයේ නායක හිමි මීට මාස දෙකකට පමණ පෙර අපවත්වී ඇති බවත් උන්වහන්සේට හිමිව තිබූ දේපල සම්බන්ධයෙන් ගෝල හිමිවරුන් අතර මාසයකට පමණ පෙර සිට වරින් වර ආරවුල් පැවත ඇති බවත් සදහන්වේ.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කළුතර විහාරස්ථාන දෙකක ආරවුලක් - දෙනමක් රෝහලේ Rating: 5 Reviewed By: webgossip24.com