728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, August 26, 2023

වෛද්‍යාචාර්‍ය විරංජිත් තාඹුගලට වැඩ වරදියි - දස දහස් ගණනක් මහ පාරට වැටෙමින් කරන්න යන දේ මෙන්න


 ආන්දෝලනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයකු වූ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල වත්කම් උපයා ගත් ආකාරය ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත මෙම විමර්ශන භාරදුන් බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.

මුදල් උපයාගත් ආකාරය හා ඔහුගේ ව්‍යාපාර සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බවද හෙතෙම පැවැසීය.

රාජාංගණයේ පැවැති සංගීත සංදර්ශනයකදී රාජාංගණය පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කරමින් මරණ තර්ජනය කළ බවට අවුරා ලංකා සමාගමේ සභාපතිවරයාට චෝදනා එල්ලවීමෙන් පසු ඔහු අධිකරණයටද භාර විය.

ඉන්පසුව නීති විරෝධී ආකාරයට මොහු විසින් මුදල් උපයා ගත් බවටත් කෝමාරිකා වගා ව්‍යාපෘතියේ මුවාවෙන් නීති විරෝධී ක්‍රියාවල නිරත වූ බවටත් සමාජ මාධ්‍ය මගින් දිගින් දිගටම චෝදනා එල්ල විය. මේ අනුව පොලිස්පතිවරයාට ලද නියෝගයක් මත වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ මෙම විමර්ශනය ආරම්භ වී ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වෛද්‍යාචාර්‍ය විරංජිත් තාඹුගලට වැඩ වරදියි - දස දහස් ගණනක් මහ පාරට වැටෙමින් කරන්න යන දේ මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com