728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, December 7, 2025

ලංකාවට උදව් කරන්න ඇමරිකාවෙන් සුපිරි හර්කියුලිස් යානා දෙකක් බස්සයි


ශ්‍රී ලංකාවේ පසු ආපදා තත්වය කළමනාකරණය කිරීම සදහා මෙරට තුළ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය කිරීම සදහා ඇමෙරිකානු ගුවන් හමුදාව සතු සී.- 130 හර්කියුලීස් ගුවන් යානා දෙකක් අද (7) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත ළගා විය.

මෙම ගුවන් යානය තුළ ඇමෙරිකානු ගලවා ගැනීමේ මැරීන් භටයෝ 60 දෙනෙක් ද පැමිණ සිටියහ.

තායිලන්තයේ පිහිටි ඇමෙරිකානු ගුවන් හමුදා කදවුරක සිට මෙසේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානා කටුනායක ගුවන් හමුදා කදවුරේ සිට අනුරාධපුරය , යාපනය ආදී ගුවන් තොටුපොළ වෙත ප්‍රවාහන පහසුකම් සැළසීමට නියමිතය.

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර , විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන , වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ලංකාවට උදව් කරන්න ඇමරිකාවෙන් සුපිරි හර්කියුලිස් යානා දෙකක් බස්සයි Rating: 5 Reviewed By: webgossip24.com