728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, May 18, 2024

පාර්ලිමේන්තුව ජුනි 15 විසුරවයි - ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මුල් සතියේ


ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පැවසීය.

අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බව සඳහන් කළ වීරතුංග මහතා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව දන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු කීවේය.

ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් නොවන බවද උදයංග වීරතුංග මහතා ප්‍රකාශ කළේය.ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සංවාදයක නිරත වෙමිනි.

ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇති බව වාර්තා වෙනවා.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සිය සමීප දේශපාලන හිතවතුන් වෙත දන්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම, මැතිවරණය ඔක්තෝබර් මුල් සතියේ පැවැත්වීමට නියමිතව ඇති බවද වාර්තා වෙනවා. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ තවමත් නිල ප්‍රකාශයක් සිදුව නොමැත. එහෙත් ජනපතිගේ ජනාධිපතිවරණ මෙහෙයුම වෙනුවෙන් රුස්වෙන දේශපාලන කමිටුව පසුගිය සතියේ ද රුස්විය. ඉහත අවස්ථාවල මෙම කමිටුව රුස්ව තිබුණේ වජිර අබේවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්, ජනපති හිතෛෂී ප්‍රසන්න රණතුංග ඇතුළු පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් සහ නිමල් ලංසා කණ්ඩායම එකතු කර ගනිමිනි. 

“ජනාධිපතිවරණ මෙහෙයුම සම්බන්ධව තීරණ ගන්නවා නම් එතැන බැසිල් රාජපක්ෂ ඉන්නම ඕනෑ."දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ වජිර අබේවර්ධනගේ ඉල්ලීම අනුව මෙවර මෙම කමිටු රැස්වීම සඳහා බැසිල් රාජපක්ෂ වෙත ආරාධනා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබූ බවකි. 

නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ කණ්ඩායම මෙම කැඳවීම පිළිබඳ සතුටු වූයේ නැත.“මේ වැඩවලට රාජපක්ෂල සම්බන්ධ කරගන්න එපා. අපි එතැන ඉඳලා ආවේ ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න බැරි නිසා."

බැසිල්ට කළ ආරාධනාවට විරෝධය දක්වමින් ලන්සා සහ අනුර යාපා ප්‍රමුඛ කණ්ඩායම මෙම කමිටුව වර්ජනය කිරීමටද කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි.

කෙසේ වෙතත් මෙම රැස්වීම ඔවුන් නොමැතිව පැවැත්වුණු අතර ඒ සඳහා බැසිල් රාජපක්ෂ ද සහභාගී වී ඇතැයි කියැවේ. “රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කැම්පේන් එක කරනව නම් එතැන බැසිල් රාජපක්ෂ මහත්මයා ඉන්න ඕනෑ. එතුමා නැතුව කරන්න බැහැ."

පැතිර යන ආරංචි අනුව වජිර අබේවර්ධන වෙතින් එවැන්නක් මතුවන විට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇත්තේ තවත් අපූරු යෝජනාවකි.“එහෙනම් අපි මෙතුමට කමිටුවේ සභාපතිකම දෙමු."කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ එම යෝජනාව උපක්‍රමශීලීව බැහැර කර ඇතැයි කියැවේ. එහෙත් ඔහු ජනපති වෙත පවසා ඇත්තේ ඔබතුමා ජනාධිපතිවරණයට එනවා නම් ඒ බව රටට දන්වන දිනය ප්‍රකාශ කරන්නට යැයි කියාය.

මේ අතර ලන්සා ප්‍රමුඛ පිරිස එදින ජනාධිපතිවරයා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට ද නොපැමිණි බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Next
This is the most recent post.
Older Post
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පාර්ලිමේන්තුව ජුනි 15 විසුරවයි - ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මුල් සතියේ Rating: 5 Reviewed By: webgossip24.com