ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.පුත්තලම දංකොටුව ප්‍රදේශයේ  පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.  “ඊයේ උදේ ජනාධිපතිවරයා මට කථා කරලා කිව්වා. සමාජ ජාලවල යන ආනවිලුන්දාවේ පළහිලවට ඔයාගේ තියෙන […]

රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනෙහි අරමුණයි දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02දා ඇරඹේ.රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය […]

විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත මහනුවර, හන්තාන කඳුවැටියේ මීටර් 3000 ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19 ක පමණ භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කරමින් තිබෙන බව පරිසරවේදීහු සඳහන් කරති. ඉකුත් බ්‍රහස්පතින්දා (27 වැනිදා) සිට මෙම භූමි ප්‍රදේශය කිසියම් වගාවක් හෝ සංවර්ධන කටයුත්තක් සඳහා එළිපෙහෙළි කරමින් තිබෙන බවත්, […]

ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ජීවිතයේ විවිධ අවස්ථාවල අපි විවිධ ප‍්‍රශ්නවලට මුහුණදෙනවා. ඒ වගේම විවිධ කඩඉම් පසුකරනවා. හිතන්නකෝ වෙලාවකට මරණය වගේ කඩඉමක් පසු කරන්න වෙනවා කියලා. එහෙමත් නැතිනම් මරණයේ කඩඉමට ඇවිත් ආපහු ගොඩ එන්න ලැබෙනවා කියලා.මෙහෙම වෙන්න පුළුවන්ද? එහෙම මරණයේ කඩඉම ළඟට ම ඇවිත් ජීවිතයත් තමන් විසින්ම නැති කරගන්න ගිහින් […]

මේ සතියේදී යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. අමාත්‍ය මණ්ඩල රැස්වීම එළඹෙන බදාදා පස්වරු 4.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතයි. එහිදී අදාල කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙනවා. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සඳහා අධිකරණ අමාත්‍යංශය […]

ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර් කිරිමට ආධාර අනුබල දිමේ චෝදනාව එල්ල වි ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදාවා ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා පවසයි. මේ වන විට බන්ධ නාගාර ගත කර සිටින මෙම රැම්සා තෙත් බිම ඩෝසර් කිරිමට සම්බන්ධ ව්‍යාපාරිකයා විසින්  පොලිසියට […]

මහනුවර හාරගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 8.38 ට පමණ ඇතිවු ශබ්දයක් සමග භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබේ. ජනතාව නිවාස වලින් එළියට විත් නැවත පසු කම්පන තත්ත්වයක් ඇතිවේ යන බියෙන් විමසිලිමත්ව සිටියි. ඇතැම් නිවාසවල බිත්තියේ තිබූ ඡායාරූප වැනි දෑ පවා බිම වැටුණු බව ජනතාව පවසති.මේ පිළිබඳව තලාතුඔය පොලිසියටද දුරකථන පණිවිඩ ලැබී තිබේ. […]

“මනෝජ් මල්ලි තමයි අපේ පවුලේ බඩපිස්සා. සුදුම සුදුයි. කැරලි කොණ්ඩෙ. අපේ අම්මගෙ ලස්සන එහෙම පිටින්ම ගිහින් තිබුණේ මල්ලිට. ඒ නිසාම පවුලේ අපි විතරක් නෙවෙයි දකින අයත් ඒ ලස්සන හුරතල් දරුවට ගොඩක් ආදරේ කළා. මට අවුරුදු 18ක් විතර වෙනකොට අපේ ගෙදරට අමුත්තෙක් යන්න එන්න ගත්තා. ඒ මගේ අනාගත සහකරු සනත් නන්දසිරි. […]

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පසුගියදා නිකුත් කළ ඡායාරූප කිහිපයක් අමුතු කතාවක් එළිදරව් කළේය. බලවත් රටක රාජ්‍ය නායකයකුගේ පවුල් ජීවිතයේ රස රහසක් වූ එය ලංකාව ගැන ඉහළ ප්‍රසාදයක් ජනිත කරවන්නක්ද විය. ඉකුත් සෙනසුරාදා ඔහු ඉදිරිපත් කළ ඡායාරෑප පෙළක දැක්වුණේ අගමැතිවරයා සිය කුස්සියේ රාත්‍රී ආහාරය පිසින ආකාරයකි. කෙල්ලො දෙන්නයි ජෙනීයි මේ කෑමට […]

කැස්බෑව අධිකරණයෙන්  රාජසන්තක කරන ලද හොඳ තත්වයේ වැලි තොගයකට  පස් ගල්  සහිත වැලි තොගයක් අධිකරණයට බාර දී වංචා කිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්  සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකි. මත්තේගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ ගුණරත්න […]

Breaking News