අරන්තලාවේදී භික්‍ෂු වහන්සේලා 31 නමක් අපවත් කිරීමට සම්බන්ධවී දැනට ජීවතුන් අතර සිටින කොටි සාමාජිකයින්ට එරෙහිව වහාම පරීක්‍ෂණයක් සිදුකරන්නැයි ඉල්ලමින් එම භික්‍ෂු වහන්සේලා අතර සිට දිවි ගලවා ගත් භික්‍ෂු වහන්සේ නමක් ශ්‍රේෂ්ඨාධි කරණයට අද (30) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ. මෙම සිදුවීමෙන් තමන්ට සිදුවු හානි සඳහා රුපියල් කෝටි දෙකක වන්දියක් ලබාදෙන්නැයිද […]

ඉන්දියාවේ දේශීයව නිපදවන ලද පළමු කොරෝනා වයිරස එන්නත එරට ස්වේච්ඡා සේවකයින්ට ජූලි මාසයේදී ලබා දීමට සැලසුම් කර ඇත හයිඩ්‍රාබාද්හි පිහිටි බාරත් බයෝටෙක් සමාගම විසින් මෙම අත්හදාබැලීම සිදුකරන අතර තෝරාගත් පුද්ගලයින් ගණනාවකට එන්නත ලබාදීමට නියමිතව තිබේ. පළමු පියවර ලෙස එන්නත සතුන්ට ලබාදී ඇති අතර එය ආරක්ෂිත සහ ප්‍රථිඵලදායි ප්‍රතිශක්තීකරණයක් ඇති කළ […]

මෘදුකාංගයක් වන, ‘ටික් ටොක්’ ඇතුළු තවත් චීන මෘදුකාංග 59ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. මෙම මෘදුකාංග ඉන්දියාවේ ස්වෛරීභාවයට තර්ජනයක් බවද, ප්‍රාන්තවල සහ මහජනයාගේ ආරක්ෂාවට හානිකරවනසුලු බවද ඉන්දීය රජය ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටී. ජනප්‍රිය මෘදුකාංගයක් වන ‘වීචැට්’ මෘදුකාංගය ද ඉන්දීය රජය තහනම් කර ඇත. පාරිභෝගිකයන්ගේ දත්ත අනිසි ආකාරයෙන් යොදාගනිමින් […]

කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, හා මාර්ග තදබදය වලක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් තීරණය කර තිබේ. ජනාධිපතිතුමන් විසින් දී ඇති උපදෙස් පරිදි […]

ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනයේ හඳුනා නොගත් නියුමෝනියා තත්ත්වයක් පිළිබඳ වාර්තා ලැබී අදට මාස හයක් ගත වන බවත්, පසුව නව කොරෝනා වෛරසය ලෙස හඳුනාගත් එය ලොව පුරා ආසාදිතයන් හා මරණ ඇතිකර තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි. ජිනීවා නුවර ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවේදී ටෙඩ්‍රොස් පැවසුවේ […]

ගගනගාමීන් මෙන් කහපාටට හුරු පොලිතීන් ඇඳුම් ඇඳගෙන එහාට මෙහාට යුහුසුලුව දිව යමින් සිටින මිනිසුන් පිරිසකි. ඔවුන්ගේ සිරුරු දැඩි උණුසුමට නැගුණු දහඩියෙන් පෙඟී ඇති බව හොඳින් නිරීක්ෂණය කළ හැකිය. “අංක 108 කාමරයේ ඔයාලට හෙට ගෙදර යන්න පුළුවන්. හැබැයි ගෙදර ගියත් මේ වගේම තවත් දවස් 14ක් කාමරයටම වෙලා ඉන්න වගබලා ගන්න ඕන.” […]

සිය විවාහයට පෙර ඡායාරූප ගැනීමට ගිය පෙම්වතුන් යුවළක් මාතලේ “සේර ඇල්ලේ“ දියවලකට ඇද වැටීමෙන් පසු තරුණයා මියගොස් තිබේ.නකල්ස් කඳු වැටියේ අසිරිය දෙගුණ කරන “සේර ඇල්ල” දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දැඩිව හිමිකරගත් ස්ථානයකි. එහි සුන්දරත්වය නිසාම මංගල ඡායාරූප ශිල්පීන් මෙම ස්ථානය නිරන්තරයෙන් තෝරාගනී.කුරණෑගල පන්සිළුගම පදිංචි ශිරන්ත සංජය සහ දිල්මි මධූෂිකා ඊයේ […]

ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිදු එකඟතාවයක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. තම පක්ෂය ගිවිසුමකට එළඹ ඇත්තේ ශ්‍රිලනිපය සමග මිස එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග නොවන බව ද රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතා […]

සමාජ මාධ්‍ය ජාලයේ මුහුණු පොත හරහා දැන්වීම් පළකරමින් නිවාස ඉදිකර දෙන බව පවසා හයකෝටි අසූ ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු ජූලි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය සිකුරාදා (26වැනිදා) නියම කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලොයිඩ් කෝලිත මහලියන නමැති වැල්ලවත්ත ප්‍රදේශයේ අංක 27/59 […]

තමාගේ ශ්‍රී ලාංකික පෙම්වතිය සමග මිතුරු වී හෝටලයකට පැමිණි ඉතාලි ජාතිකයෙකුට පහ රදී ම සම්බන්ධයෙන් වරද පිළිගත් එංගලන්ත ජාතිකයෙකුට මාස හයක ලිහිල් වැඩ සහිත සි ර දඬුවමක් සහ රුපියල් දහසක දඩයක් ද පැමිණිලිකරුට රුපියල් 20,000ක වන්දියක්ද ගෙවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (29) නියෝග කළේය. සි ර දඬු […]

Breaking News