කො රෝනා ආසාදනය වී මියගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුගේ අවසන් කටයුතු ප්‍රභූ ගෞරව සහිතව සිදුකළ පුවතක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරින් වාර්තා වනවා. මෙලෙස කො රෝනා ආසාදනයව මියගොස් ඇත්තේ ලන්ඩන් නුවර කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක සේවය කළ නාත්තන්ඩිය,වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි උපුල් නිශාන්ත දිසානායක නමැති වෛද්‍යවරයායි.  එක්දරු පියෙක් වන මොහු […]

වික්ටර්ගේ සමදුක මිත්‍ර දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හි ප්‍රචාරය වෙමින් පවතින වීඩියෝවේ ඇත්ත නැත්ත පිළිබඳව, ඔහු දන්නේ කුමක්දැයි අසා දැන ගන්නටය. ඒ කතාව දික් ගැස්සී, වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා […]

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව සිව් වසරක් බරපතළ වැඩ ඇතිව හිරේට නියම වූ ජනප්‍රිය චිත්‍රපට නළු, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පල්ලන්සේන තරුණ සිරකරුවන්ගේ (විශෝධන) මධ්‍යස්ථානයේ නිරෝධායනය වීමෙන් අනතුරුව ඔහුගේ නවාතැන්පොළ බවට පත්වීමට නියමිතව තිබුණේ වැලිකඩ සිර කදවුරටයි. ඔහු වෙනුවෙන් වැලිකඩ සිර කදවුරේ ‘වයි.ඕ.’ යනුවෙන් නම් කර ඇති සිර මැදිරිය පවා […]

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ලොව පුරා විහිදී ඇති සංවිධානයකි. එහි ශ්‍රී ලංකාවේ ආයතනය වාර්ෂිකව ලංකාවේ අවංකම රාජ්‍ය නිලධාරිනිය තෝරන්නීය. 2020 සුපිලියන් ප්‍රණාම සම්මාන උළෙලේදී ගාල්ලේ කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලි රත්නවීර අවංකම රාජ්‍ය නිලධාරිනියට හිමි සම්මානය දිනා ගත්තාය.. ජනතාවට ආදරය කරන්නට හැකි තරමේ හිතක් ඇය සතු විය. ඒ නිසාම රැයක්, දවාලක් නොමැතිව […]

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය හා කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත්, බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරියේදී රජය ගනු ලබන රටට යහපත් ආයෝජන ක්‍රියාවලියකට එකඟත්වය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ඉදිරිපත් කළ යෝජනාවලියට රජය එකඟත්වය පළකර […]

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයෙන් අද දිනයේදී මාත්‍රා 32539ක් එන්නත් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව මේ දක්වා එම එන්නත් මාත්‍රා 37825ක් ලබාදී තිබේ. මෙම එන්නත් වැඩසටහන ඊයේ ආරම්භ කළ අතර ඊයේ දිනයේදී පුද්ගලයන් 5286කට එන්නත ලබාදුන්නේය. යුද හමුදා සාමාජිකයින් 7,500 දෙනෙකුට […]

යාපනය මහ නගර සභාවට අළුතින් පත් වූ නගරාධිපතිවරයා සියළු වගකීම් හා රාජකාරී පසෙකලා සිංහලෙන් ලියන ලද නාම පුවරු දෙ.මළ භාෂාවට පරිවර්ථනය කරමින් සිටින බවට වාර්තා වනවා. යාපනය, මුන්නේස්වරන් වීදියේ අළුතින් විවෘත කළ දුර ගමන් සේවා බස් නැවතුම්පළේ නාම පුවරු යෙදීමේදී පලමුව සිංහල භාෂාවෙනුත් දෙවනුව දෙ.මළ භාෂාවෙනුත් තෙවනුව ඉංග්‍රීසී භාෂාවෙනුත් නම් […]

පසුගිය සිකුරාදා රාත්‍රියේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සුවිශේෂි බෝධි පූජාවක් පැවැත්විණි. මේ බෝධි පූජාව සංවිධානය කළ පිරිස අතර මු.ස්ලිම් ජාතිකයකු වූ වෛද්‍ය අහමද් රිෆ්කාන් මහතාද උන්නේය. ඔහු මේ පින්කමට සම්බන්ධ වී සිටියේ කලක් තමා සමඟ එකට ඉගෙනගත් හිත හොඳ මිතුරකු වූ වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලා සිටින්නටය. එසේත් නැති […]

කො.රෝනා වසංගතයේ මේ වන විට ලංකාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන්නේ මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවමිනි. ගෙවුණු සතිය මැද වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 7 දෙනෙකුට කො.රෝනා රෝගය වැලඳි තිබුණු අතර ලිපිය ලියන මොහොත වන විටත් ඉන් කිහිප දෙනෙක් සුවය ලබා නිවෙස්වලට ගොස් තිබුණි. ඇමැතිවරුන් වන පවිත්‍රා […]

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍ රාසෙනිකා එන්නත අද (28දා) සිට එන්නත් කිරීම ආරම්භ කළ බවත් එහි වෙනත් බලපෑම් කිසිවක් නොමැති බවත් වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. අද දිනයේදී එන්නත් මධ්‍යස්ථාන 10කදී එන්නත් 5286ක් ලබාදී තිබේ. එහිදී වැඩිම ප්‍රමාණයක් එන්නත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේදී වන අතර එම අගය […]