යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා […]

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු වන නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු හෙලිකොප්ටරයක් මිලදී ගෙන ඇත .මෑත කාලීනව මහා පරිමාණයෙන් සහල් ව්‍යාපාරයේ යෙදෙන එම ව්‍යාපාරිකයාගේ ගමන් අවශ්‍යතා සඳහා මිලදී ගෙන ඇති එම හෙළිකොප්ටරය කොළඹ පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි එකොළහකට මිලදී ගෙන ඇති බව වාර්තාවේ. හිඟුරක්ගොඩ ගුවන් හමුදා ධාවන පතයේ නතර කර […]

මි.ලී. 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක් වීම වැළැක්වීමට විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ, විකල්ප ඇසුරුම් සඳහා වැයවන පිරිවැය සහ කල් පැවැත්ම පිළිබඳ ගැටලු ඇති බැවින්, ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීම ප්‍රායෝගික නොවන බව මධ්‍යම පරිසර […]

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වන යෝජනාව සමගි ජනබලවේගය ප්‍රතික්ෂේප කරන බවත් එම මුදල් ජනතාවට එන්නත් ලබාදීම සඳහා උපයෝගී කර ගන්නා ලෙස රජයට බල කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි. එම සටහන පහතින් බදු ගෙවන්නන්ගේ මුදලින් මන්ත්‍රීවරුන් වෙත […]

නගරාධිපති යනු නගරයක සිටින ප්‍රධාන පුරවැසියාය. ජනපති, අගමැති, මැති ඇමැතිවරු ඒ නගරයේ පදිංචිව සිටියත් නගරයේ පළමු පුරවැසියා වන්නේ නගරාධිපතිවරයාය. කොළඹ නගරාධිපති තනතුරට එදා සිටම පත්වූයේ දේශපාලන පසුබිමක් ඇති පුද්ගලයන්ය. ඒ නගරාධිපතිවරු බොහෝ දෙනෙක් ඉන් ඉදිරියටම ගියා මිස ඉන් පහළට ගියේ නැත. කොළඹ නගරාධිපති ඔටුන්න ත්‍රීවීලර් රියැදුරකුගේ හිසටද වැටුණු අවස්ථාවක් වෙයි. […]

කොවි_ඞ් 19 වසංගතයට ඒ සඳහා වන එන්නතක් හැරුණු කොට වෙනත් විසඳුමක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ස්ථීරසාරව කියා සිටියේ වසංගතයේ මුල් අවධියේදීමය. ඊට සමගාමීව දියුණු වෛද්‍ය පර්යේෂණ හැකියාවන්ගෙන් යුක්ත රටවල් බොහෝ ගණනක් මෙම වෛරසයට එරෙහිව එන්නත් නිපදවීමේ කටයුත්තට අවතීර්ණව සිටින අතර මේ වන විට සාර්ථක ලෙස අත්හදා බලන ලද එන්නත් […]

දිනය පසුගිය තුන් (03) වෙනිදාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ බිග් ටිකට් ලොතරැයි දිනුම් ඇදීමේ වේදිකාව විවිධ වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් වෙමින් තිබුණි. ඒ සමගම වේග රිද්ම සංගීතයට සුන්දර තරුණියන් පිරිසක් බටහිර පන්නයේ නැටුමක නියැලෙමින් සිටියහ. එලෙස අති උත්කර්ෂවත් අන්දමින් හැඩවැඩ වී තිබුණ වේදිකාවට නිවේදක රිචඞ් සහ නිවේදිකා බවුචා […]

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයා ඍජුව වගකිවයුතු බවත් ජනතාව පීඩාවට පත්කිරීමේ වගකීම භාරගෙන ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. කොවිඩ් අර්බුදය හේතුවෙන් ජන ජීවිතය අඩාල වී ජනතාව අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහළට […]

හාලිඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයිරින් හිල්ඩා මෙනෙවියට බදුල්ලේ පදිංචි බුද්ධදාස සමරජීවව මුණගැසෙන්නේ දෛවෝපගතවය. සමහර විටෙක සංසාර හුරුපුරුද්දට මේ ආත්මයේ ඔවුන් හමුවුණා වන්නටද ඇත. කෙසේ හෝ පිරූ පෙර පින් බලයෙන්ද, නොපිරූ පෙරුම් පුරන්නටද ඔවුන් දෙදෙනා අතහිත ගනිද්දී නිවසක්, රැකියාවක් වැනි භෞතික සාධක කිසිවක්ම නැතක් ආත්ම හතක් පුරාවටම දිව යන්නට තරමේ ප්‍රේමයක් […]

කඳු ගැටිත්ත උඩ තියෙන තේ වත්තේ තියෙන පුංචි කුලී ගෙදරින් එළියට බැහැපු කුමාර තම බිරිය චාන්දනීවත් වත්තම් කරගෙන හෙමින් හෙමින් පල්ලම් බැස්සා. ඔයාට අමාරු නැහැ නේද? අපි හිමිහිට යමු” කුමාර ආදරය පිරුණු දයාබර ස්වරයෙන් ඇහුවා.චාන්දනීගේ මුහුණේ තියෙන්නේ විශාල බියක්. ඒ වගේම තිගැස්මක්. ඒත් ඒ බිය හා තිගැස්ම යටපත් කරගෙන චාන්දනී […]

Breaking News