ශ්‍රී ලංකාවේ වසංගතයට එරෙහිව ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අද්නාම් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනපතිවරයා සිය ට්විටර් […]

පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් සඳහා වැඩිහිටි මාසික දීමනාව වෙනුවෙන් රු. මිලියන 5727.36ක මුදලක් වෙන්කිරීම සඳහා වූ යෝජනාවන්ට ද ජනතිපතිවරයාගේ එකගතාව හිමි වී ඇති බව එම අමාත්‍යංශය පවසයි. ඒ අනුව, රු. 2,000ක් වූ වැඩිහිටි මාසික දීමනාව සඳහා පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් 238,640 දෙනෙකු වෙනුවෙන් රු. මිලියන 5727.36 ක මුදලක් වෙන් කිරීමට […]

ලංකාවේ අගමැති ධුරයට පත්වන අයකුට නිල බලයෙන් හිමිවන ගෙදරක් ඇත්තේය. එය හැඳින්වෙන්නේ ‘අරලිය ගහ මන්දිරය’ යනුවෙනි. සිව් වතාවක් අගමැති ධුරයට පත්වුවත් ඒ කිසිදු අවස්ථාවක සිය නිල නිවසේ පදිංචියට නොගිය අයෙක් වේ නම් ඔහු රනිල් වික්‍රමසිංහය. ඒ ඔහුගේ හැටිය. රනිල් පිළිබඳ කුමන විවේචන තිබුණද ඔහුගේ මිතුරෝත් පසමිතුරෝත් හැමදාමත් කියන කතාවක් තිබේ. […]

වෛද්‍ය සැපයුම් අංශය සතුව ඇති පී.සී.ආර්. කට්ටල ගණන ප්‍රමාණවත් වන්නේ සති හයක කාලයකට පමණක් බව ඖෂධ නියාමන, සැපයීම් හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.වසංගත වයිරසය ලෝකය පුරා පැතිර යාම හේතුවෙන් පී.සී.ආර්. කට්ටලවල හිඟයක් නිර්මාණය වී ඇතත් මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සතුව අවශ්‍ය තරම් පරීක්ෂණ කට්ටල ඇති බව අමාත්‍යාංශය […]

අප්‍රේල් මස වැටුප් නොගෙවීමට විරෝධය දක්වමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පිරිසක් එහි සභාපති නීතීඥ රත්නසිරි කළුපහන මහතාගේ කාර්යාලය වට කරමින් අද (29) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ. සේවකයන් සභාපතිවරයාගේ කාර්යාලයට ඇතුල්වීමට කළ උත්සාහයත් සමඟ කොළඹ 2 පිහිටි ඉංජිනේරු සංස්ථා මූලස්ථාන නොසන්සුන්කාරී තත්වයකට පත්විය. එම තත්වය හමුවේ සභාපතිවරයාට පැය කීපයක් කාර්යාලයේම […]

රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍ර දෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම දින කිහිපයකට සරිලන දේ රැස්කර තබා ගැනීම වැදගත් බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. “රටේ තිබෙන තත්ත්වය හැටියට කොයි ප්‍රදේශය හුදෙකලා කරන්න වෙයිද කියන දේ අපි කවුරුත්ම දන්නේ නෑ. ඒක තීරණය වෙන්නේ […]

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති බ් 117 සැර විකෘති වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී ස්ථිරයෙන්ම හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. කොළඹ ,බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් ලබා ගත් සාම්පල […]

වසංගත රෝගීනට ප්‍රතිකාර කිරීම සඳහා පිහිටවූ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වසංගත වාට්ටුව සහ වැරැල්ලවත්ත කාන්තා වසංගත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි ඇදන් සියල්ල පිරී පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. රෝහල් වාට්ටුවෙහි ඇදන් 13 සහ වැරැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි පවතින ඇදන් 120 මෙලෙස පිරී පවති. එබැවින් ආසාදිතයින් වූවද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් […]

රජයේ අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පස් දෙනකු සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. මේ අනුව මෙසේ අනුමැතිය ලැබී ඇත්තේ අනුර දිසානායක මහතා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද සිරි නිමල් පෙරේරා මහතා නාගරික සංවර්ධන […]

බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙම 30 වැනි දා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පවසයි. වසංගත පැතිරයාමේ අවධානම හේතුවෙන් එලෙස මෙම සතියේ පාසල් වසා තැබෙන බව ද අමාත්‍යවරයා කියයි. එම පළාත්වල පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීන්දුවක් […]

Breaking News