අත – ටෙලිෆෝන් එකතුව පොහොට්ටුව පරාද කරයි – ඕනෑම මොහොතක සියල්ල අත් හරින්න සූදානම් – දයාසිරි

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට සභාපතිවරයකු තෝරා ගැනීමට පැවැකි ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) යෝජනා කළ මන්ත්‍රීවරයා පරදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරන ලද මන්ත්‍රීවරයා සභාපතිධූරයට පත්ව තිබේ.ඒ එම ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා අද (08) පැවැති රහස් ඡන්දයෙන් වැඩි ඡන්ද 4ක් ලබා ගනිමිනි.

රහස් ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කරන ලද අරවින්ද නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඡන්ද 16 ක් ලබාගනිද්දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නිර්දේශ කර තිබු බමුණුසිංහ මන්ත්‍රීවරයා ඡන්ද 20 ක් ලබාගෙන ඇත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 18ක්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 11ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 07 සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් (01) පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ නියෝජිතයින් ලෙස කටයුතු කරති.

පඬුවස්නුවර ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ඡන්ද බල ප්‍රදේශය වන අතර එම මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධායකවරයා වන්නේ ගුණපාල රත්නසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස අරවින්ද නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නම නිර්දේශකර ඇත්තේ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා රත්නසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසිනි.

අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් බතික්, අභ්‍යන්තර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ කාර්යාලයේදී ඉකුත් අඟහරුවාදා (06)රැස්වූ අවස්ථාවේ ඇතිවූ සංවාදයක් අතර තුරදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ඉකුත් දා කළ ප්‍රකාශය සුදුසු නොවන බව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු ප්‍රකාශ කර ඇතආණ්ඩුවේ සිටිමින් එවැනි ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි බව ඔවුන් ප්‍රකාශ කර ඇති අතර ,ඊට පිළිතුරු දී ඇති දයාසිරි ජයසේකර මහතා තමා අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පවසා ඇත .

තමාට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බව ද ජයසේකර මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ .එහෙත් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි එම සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පස්වරුවේ පැවති පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වෙි.

Next Post

බුකිය කැලඹූ රනිල් - මහින්ද රාත්‍රී භෝජන සංග්‍රයේ ඇත්ත සහ සියළු ජායාරූප මෙන්න

Fri Jul 9 , 2021
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර රාත්‍රී භෝජන සංග්‍රයක ජායාරූප කිපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වල අද දින බොහෝ දෙනෙකුගේ අවදානට යොමුව ඇත. මෙම රාත්‍රී භෝජන සංග්‍රහ සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආදරණීය භාර්‍යාව ශ්‍රිරන්ති වික්‍රමසිංහ සහ එතුමියගේ සොහොයුරු ශ්‍රී ලංකන් ගුවන් […]

Breaking News