දුව ලැබුණාට පස්සේ කිලෝ 90ක් බර වැඩි වුණා – බර අඩුකර ගත්තේ දවසට බිත්තර 10ක් කාළා-නිලි නිරෝෂා තලගල

කළා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන ආදරණීය නිහතමානී රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරයෙන් රිදී තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය මේ වන විට සෙනෙහෙබර මවක් කියන එකත් හැමෝම දන්නා කාරණයක්. ඒ වගේ තමයි ඇය වෘත්තීය නර්ථන ශිල්පිනියක්. ඇයගේම නර්ථන කණ්ඩායමක්ද ඇය සතු වෙනවා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියගේ ඇයගේ අලුත්ම තොරතුරු වගේම පෞද්ගලික තොරතුරුත් පහුගිය දවසක පුවත්පතකට කියලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

ඔබ මෙගා ස්ටාර් රියැලිටි වැඩසටහනේ තරග වදින තරගකාරියක්. ඒ ගැන විස්තර ටිකක් කියමු?

මම මුලින් රියැලිටි වැඩසටහන්වලට යන්නේ නැහැ කියලා තීරණය කරලා තිබුණේ. නමුත් බබා ලැබෙන්න ඉන්න කාලෙ සහ ලැබුණට පස්සේ අවුරුදු තුනක පමණ කාලයක් ටෙලි නාට්‍යවලින් ඈත්වෙලා සිටිය නිසා ආයෙමත් යථාතත්ත්වයට පත්වෙන්න අවශ්‍ය වුණා. ඒ වගේ ම බොහෝ දෙනෙක් මාව දන්නේ මම එළිමහන් වේදිකාවේ නර්තන ශිල්පිනියක් හැටියට පමණයි. මම ශාස්ත්‍රීය නර්තනය හදාරපු කෙනෙක් බව ගොඩක් අය දන්නේ නැහැ. එම නිසා මට අවශ්‍ය වුණා මට මේ වගේ හැකියාවක් තිබෙනවා කියන එක පෙන්නන්න. ඒ සඳහා මේක හොඳ අවස්ථාවක් කියලා මට හිතුණා. ඒ නිසා මම මේ වැඩසටහන සඳහා සම්බන්ධ වුණා.

රියැලිටි වැඩසටහනක ඉස්සරහට යන්න දක්ෂතාවයි, වාසනාවයි දෙක ම සම සමව තිබෙන්න ඕන. ඒකත් තේරුම් අරගෙන මම ඉස්සරහට යනවා. අලුත් අය වගේ ම අපිට වඩා ප්‍රවීණ අය සමග එකට කටයුතු කරන්න ලැබුණා. මේක අපි සියලු දෙනාට ම වැඩමුළුවක් වගේ. ප්‍රශ්න එනවා. ගැටුම් ඇති වෙනවා. තරගකාරීත්වය තිබෙනවා. නමුත් බුද්ධිමත් විධියට හිතුවොත් මේකෙ හැමෝටම ගන්න දෙයක් තිබෙනවා කියලා මම හිතනවා.

ඔබේ ඉදිරිපත් කිරීම් සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ දෙනෙක් දැනගෙන සිටියේ නැහැ. මම භරත නාට්‍යම් නර්තන ශිල්පිනියක් කියලා. මම පස් වන වටයේ ඉන්නේ. කලින් වට හතරෙ ම මම උපරිම ප්‍රයෝජන ගත්තා කියලා මම හිතනවා.

ඉදිරියට වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා ද?

හැමදාම ශාස්ත්‍රීය අංගයක් ම ඉදිරිපත් කරන්න බැහැ. අලුත් දෙයක් කරන්න ඕන. අලුත් දේ අලුත් කියලා පේන්නේ නැති වෙන්නත් ඕන. අපි මොනවා හරි දෙයක් ඉගෙන ගත් බවත් පෙනෙන්න ඕන නිසා වෙනසක් කරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

01#

02#.

03#

පහුගිය දවසක වැඩසටහනකදී ඔබ අමුතු ඩයට් ප්ලෑන් එකක් ගැන කිව්වා. ඒ ගැන විස්තර කියමු?

ඔව්. එග් ඩයට් ප්ලෑන් එක. මම දුව ලැබුණාට පස්සේ කිලෝ 90ක් පමණ බර වැඩි වුණා. බර අඩු කර ගන්න එක එක දේවල් කළා. මට ජිම් එකෙන් උපදෙස් ලැබුණා එග් ඩයට් එක කරන්න කියලා. දවසට බිත්තර 10ක් කන්න ඕන. වෙන කිසි ම දෙයක් කන්න බැහැ. බිත්තර ම විතරක් සති ගාණක් කන්න බැහැනේ. ඒ නිසා මම බිත්තරත් එක්ක පොල් සම්බෝල වගේ දේවල් දාගෙන කෑවා. ඒක අපේ කට්ටිය වීඩියෝ කරලා දාලා තිබුණා. ඇත්තට ම ඒක සාර්ථක ඩයට් ප්ලෑන් එකක්.

දුව ලැබුණට පස්සේ ඇඟ හැඩ කර ගන්න මීට අමතරව කරපු දේවල් මොනවා ද?

බබාට මාස 09ක් පමණ වෙද්දි කොරෝනා ආවා. ලොක්ඩවුන් එකත් එක්ක නිවසට ම වෙලා ඉන්න වුණා. ඒ කාලයේ හැමෝම ගෙවල්වලට වෙලා කාලා බීලා මහත් වෙනකොට මම බබාව මගේ මහත්තයාට බලා ගන්න දීලා මම ව්‍යායාම කළා. කෑම පාලනය කළා. ජීම් එකට ගියා සහ නැටුවා. ඒ දේවල් තමයි කළේ. ඒ සඳහා මගේ මහත්තයාගෙන් විශාල සහයෝගයක් ලැබුණා.

04#

05#

06#

දුව සමග ගෙවෙන ජීවිතේ ගැනත් කතා කරමු?

දැන් දුවට අවුරුදු 02යි. ඇත්තටම ඒක වෙන ම ම අත්දැකීමක්. මේ ලෝකෙ ඉන්න හැම තරුණ තරුණියක් ම මවුපියන් විය යුත්තේ තමන්ගේ මවුපියන් ජීවත් වෙලා ඉන්න කාලේදී ම කියලා මම හිතනවා. ඒ මොක ද කියනවා නම් අපේ මවුපියන් ගැන හැඟීමක් අපිට හරියට ම දැනෙන්න අපි මවුපියන් විය යුතුයි. ජීවිතේ පුදුමාකාර විදිහට වෙනස් වෙලා. ඉස්සර වගේ නෙවෙයි. දැන් රූගත කිරීම්වලට ගියා ම රූගත කිරීම් අවසන් වෙනකල් බලන් ඉන්නවා ඉක්මනට නිවෙසට එන්න. මොක ද දුව බලන් ඉන්නවා. මම එනතුරු.

දුවටත් නර්තන හැකියාවන් තිබෙනවා ද?

ඔව්. සින්දුවක් දාන්න විතරයි ඕනේ. භරත වගේ සාම්ප්‍රදායික තාලයක් සහිත සින්දුවක් දැම්මොත් ඒ විධියට නටනවා. බිම පෙරළෙනවා උඩ පනිනවා. තාත්තත් එක්ක ජිම්නාස්ටික් කරනවා. කිසි ම බයක් නැතුව. මම හිතන්නේ එයා මට කලින් හැකියාවන් පෙන්නයි. මම දුව ලැබෙන්න සිටිත්දී මාස 07ක් වෙනතුරු ම මගේ නර්තන කණ්ඩායම එක්ක වැඩ කළා. මම නර්තන නිර්මාණ හැදුවා, නැටුවා. ඒ දේවල් කළා. මම ඒවත් එක්කමයි හිටියේ. දුවට ඒ දේවල් ලැබිලා තිබෙනවා. මම හිතපු විදියට ම ආදරණීය බව වගේ ගතිගුණ ආදිය සියල්ලක් ම දුව තුළ තිබෙනවා. ඒ නිසා අම්මාගේ සිතුවිලි තමයි දරුවාට ලැබෙන්නේ කියන එක මට සියයට දෙසීයක් විශ්වාසයි.

07#

08#

09#

10#

රටේ පවතින කො_විඩ් වසංගතය එක්ක මේ වන විට ඔබේ නර්තන කණ්ඩායම්වල තත්ත්වය කොහොම ද?

මේ වන විට නර්තන කණ්ඩායමේ ළමයි සමහර අය වෙන වෙන දේවල් කරනවා. සමහර අය ගෙවල්වල සිටිනවා. රට යථාතත්ත්වයට පත් වුණත් ඒ ළමයින්ට නැවත නටන්න පුළුවන් වෙයි ද කියන ගැටලුව තිබෙනවා. මේක හැම නර්තන කණ්ඩායමකටම තිබෙන ප්‍රශ්නයක්.

ඉදිරි වැඩ කටයුතු මොනවා ද?

මම රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ කිහිපයක් ම ඉදිරියට එන්න තිබෙනවා. නර්තනය පැත්තෙන් ලොකු වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. තාම ඒක අදහසක් විධියට පමණයි තිබෙන්නේ. අලුත් දෙයක්, වෙනස් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

11#

12#

13#

14#

15#

16#

17#

Next Post

කවුරු අකමැති වුනත් මීලඟ ජනපතිවරණය සදහා ඉදිරිපත් වෙන පොහොට්ටුවේ අපේක්ෂකයා මෙන්න - වීඩියෝ

Tue Jul 6 , 2021
පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමින් තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම දිගු කාලයක සිට බැසිල් රාජපක්ෂ මහතාට දැඩි පීඩනයක් දුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසනවා.තම පක්ෂය ආණ්ඩු බලය ලබා ගැනීමෙන් අනතුරුව මාස 10ක පමණ කාලයක් තිස්සේ මෙම පීඩනය ඔහු වෙත එල්ල කළ බව යි […]

Breaking News