ඉන්ධන වාහනයක් ගෑස් දුවන්නට එංජිම වෙනස් කළ මුල්ම ශ්‍රී ලාංකිකයා

පවුල් පිටින් මා_රයා රැගෙන ගියේ යුද්ධය පැවැති කාලයේය. ඒ දවස කොටි පිපිරවූ බෝ_ම්බ_වලටය. නැතිනම් කොටි ගම් වැද පවුල් පිටින් කැ_ති ගාන විටය. ඒ අතරේ ගංවතුරටද නායයෑම්වලට ද හසු වී පවුල් පිටින් ම_රුවාට බි_ලි විය. දැන් පවුල් පිටින් බි_ලි ගන්නා මා_රයා ඇවිත් ඇත්තේ කො_රෝනාව පිටේ නැගය. කො_රෝනාව ලංකාවට ඇවිත් දැන් වසර එකහමාරක් ගත වෙලාය.

එදා මෙදා පවුලක්ම කො_රෝනාවට බිලි වූ වගක් වාර්තා නොවූ තරම්ය. එනමුත් කො_රෝනා මාරයා ගිය සතියේ මහනුවර රාජපක්ෂ පවුලම ම_රු තුරුලට රැගෙන ගියේය.

දක්ෂ මෝටර් කාර්මික ශිල්පියකු වූ සිරිපාල රාජපක්ෂ 72 හැවිරිදි වියේ පසු වූවේය. කවුරුත් ඔහු ඇමතුවේ සිරි අයියා කියාය. තරුණ අය ඔහු ඇමතුවේ සිරිපාල මාමා කියාය.

ඔහු සිය ගරාජය කරගෙන ආවේ පේරාදෙණිය ගම්පොළ පාරේය. ඔහු හැඳින්වෙන්නේ තෙල්වලින් දුවන වාහන ගෑස් ටැංකියෙන් දුවන්නට එංජිම වෙනස් කළ මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙසය. මේ සොයා ගැනීමට කෘතගුණ සලකන්නට ආර්. ප්‍රේමදාස ජනපතිවරයා ඔහුට ගම්පොළ පාරේ රජයේ ඉඩමක ගරාජයක් දාගන්නට ඉඩ දුන්නේය.

ජුනි මස පළමුවැනිදා ශ්වසන ආබාධයක් නිසා මහනුවර මහ රෝහලට ඇතුළත් කළ සිරිපාල ජුනි දෙවැනිදා මර_ණයට පත්විය. පශ්චාත් ම_රණ පරීක්ෂණයේදී ඔහුට කො_විඩ් ආසාදනය වී ඇති බව තහවුරු විය. මේ හේතුවෙන් පවුලේ සියලුදෙනාම පීසීආර් පරීක්ෂණයට ලක් කෙරුණි.

සිරිපාලගේ බිරිඳ වන 70 වියැති නන්දා රාජපක්ෂ, ධම්මික රාජපක්ෂ වන 28 හැවිරිදි පුතාත් කො_විඩ් ආසාදිත බව හෙළි විය. මේ හේතුවෙන් ඔවුහු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි. ධම්මික රාජපක්ෂගේ බිරිඳත් කුඩා දියණියත් පුතාත් පැණිදෙනිය කො_විඩ් නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කෙරුණි.

සිරිපාල රාජපක්ෂ මි_යයෑමට සතියකට පමණ පෙර ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය මැදගෙදරගෙන් ප්‍රතිකාරගෙන තිබුණි. ධම්මික රාජපක්ෂ ද එම වෛද්‍යවරයාගෙන්ම ශ්වසන අපසුහතාව සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇත. මවද වකුගඩු රෝගයෙන් හා අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ගෙන ඇත. වෛද්‍යවරු පවසන ආකාරයට නිදන්ගත රෝග ඔවුන්ගේ කො_රෝනා රෝගී තත්ත්වය උත්සන්න කළේය.

වාහනවල ලෙඩ සොයා ප්‍රතිකාර කළ සිරිපාල අයියාගෙත් ධම්මිකගේත් ලෙඩේට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන්ට ද නොහැකි විය. ඒ කො_විඩ් වයිරසයේ ඇති බිහිසුණුකම නිසාය. අන්තිමේදී සිරිපාල අයියාගේ බිරිඳත් ඔවුන්ගේ පුතාත් කො_රෝනා මාරයා රැගෙන ගියේ අපටත් පාඩමක් ඉතිරි කරමිනි.

ඔබට කොරෝණා වැලඳුනොත් එය එතැනින් නතර වන්නේ නැත. මරුවා ඔබගේ ආදරණීයයන් ද සොයා යන්නේය. ඔබ පරිස්සම් වුවොත් එහි අරුත ඔබගේ ආදරණීයයන් ද පරිස්සම් වන බවය.

මහේන්ද්‍ර රන්දෙණිය – මහනුවර

Next Post

දුව ලැබුණාට පස්සේ කිලෝ 90ක් බර වැඩි වුණා - බර අඩුකර ගත්තේ දවසට බිත්තර 10ක් කාළා-නිලි නිරෝෂා තලගල

Tue Jul 6 , 2021
කළා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන ආදරණීය නිහතමානී රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරයෙන් රිදී තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය මේ වන විට සෙනෙහෙබර මවක් කියන එකත් හැමෝම දන්නා කාරණයක්. ඒ වගේ තමයි ඇය වෘත්තීය නර්ථන […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News