අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙන්න

සුඛෝපභෝගී භාණ්ඩ ලෙස නම් කොට ඇති භාණ්ඩ ආනයනය තහනම් කිරීමට හෝ එම ආනයනයන්ට දැඩි සීමා පැනවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.රට තුල පවතින ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ තවත් පියවරක් වශයෙන් මෙය සිදු කිරීමට සූදානම්වන බව යි වාර්තා වන්නේ.ජංගම දුරකතන, රූපවාහිනී, අධිශිතකරණ ඇතුළු ගෘහ විදුලි උපකරණ, සුවඳ විළවුන් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට නොවැටෙන උපකරණ ගණනාවක් මෙලෙස සුඛෝපභෝගී භාණ්ඩ ලෙස නම් කොට ඇති බවත් ඒ අනුව ඒවා සඳහා ආනයන සීමා පැනවෙනු ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් මෙම සීමාවන් පැනවෙන දිනය පිළිබඳව හෝ එම සීමා කොතෙක් කළක් බලපැවැත්වෙන්නේ ද යන්න පිළිබඳව හෝ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වූවා.එහෙත් මේවන විටත් සීමා පැනවිය යුතු බඩු භාණ්ඩ ලැයිස්තුවක් සකස් කිරීමේ වගකීම මහ බැංකුවට පවරා ඇති බව පැවසෙනවා.

මේ පිළිබඳ සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතබව යි පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.මහ බැංකු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ රට තුල මේවන විට බරපතල විදේශ විනිම සංචිත හිඟයක් පවතින නිසා මෙම තත්වය තවදුරටත් අයහපත් වීම වළක්වා ගැනීම සඳහා ඉහත තීරණවලට එළඹ ඇති බවයි.

වාහන ආනායනය ද මේවන විට තහනම් කොට ඇති අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ අවම තරමින් තවත් වසර දෙකක් යන තුරු එම තහනම බලපැවැත්වෙනු ඇති බව යි.විදෙස් සංචිත ශක්තිමත් කිරීම සඳහා මේ පියවර ගැනීමට නියමිත බවද පැවසේ.මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි ඔහු කියා සිටී.

Next Post

ඉන්ධන වාහනයක් ගෑස් දුවන්නට එංජිම වෙනස් කළ මුල්ම ශ්‍රී ලාංකිකයා

Sun Jul 4 , 2021
පවුල් පිටින් මා_රයා රැගෙන ගියේ යුද්ධය පැවැති කාලයේය. ඒ දවස කොටි පිපිරවූ බෝ_ම්බ_වලටය. නැතිනම් කොටි ගම් වැද පවුල් පිටින් කැ_ති ගාන විටය. ඒ අතරේ ගංවතුරටද නායයෑම්වලට ද හසු වී පවුල් පිටින් ම_රුවාට බි_ලි විය. දැන් පවුල් පිටින් බි_ලි ගන්නා මා_රයා ඇවිත් ඇත්තේ කො_රෝනාව පිටේ නැගය. කො_රෝනාව ලංකාවට ඇවිත් දැන් වසර […]

Breaking News