අදහාගත නොහැකි කරුණු රැසක් හෙළි වූ මිහින්තලේ උ. සභාපතිගේ කැරැට්ටුව

ඉන්ටර්නෙට් හරහා 15 හැවිරිදි දැරියක අප_යෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අ_ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනා ලබන ජූලි 15 වන දින දක්වා රක්ෂිත බන්ධ_නාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලේචනී අබේවික්‍රම මහත්මිය අද (ජූලි 1) නියෝග කළාය. 

එදිනට පැවැත්වෙන පෙරෙට්ටුව සඳහා සැක_කරුවන් මුහුණු ආවරණය සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයා වෙත ද නියෝග කළාය. අනුරාධපුර ප්‍රාදේශීය සභාවේ උපසභාපති වන එදිරිසිංහ මුදියන්සේලාගේ ලලිත් එදිරිසිංහ ඇතුළු සැක_කරුවන් තිදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබීය. 

අනුරාධපුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ මෙම සැක_කරු තැරැව්කරුවන් මාර්ගයෙන් දැරිය ගෙන ගොස් බම්බලපිටියේ හෝටලයක නවාතැන් ගෙන අප_යෝජනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. 

කෙසේ නමුත්, සැකකාර ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ තම සේවාදායකයා ලිංගික බෙලහීනතාවයකින් පෙළෙන බැවින් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය. 

මෙම දැරිය අප_යෝජනය කළ පුද්ගලයන් 21 දෙනෙකු මේ වන විට අත්අ_ඩංගුවට ගෙන ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මේ අතර එම දැරියගේ මව, මවගෙ අනියම් පුරුෂයා, දැරිය රඳවා තබා ගෙන සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ කළමනාකරු සහ මෙම දැ_රිය එක් එක් අයට විකිණීම සඳහා ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ රියැදුරු ද මීට පෙර රක්ෂිත බන්ධ_නාගාරගත කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. 

මෙම දැරිය අප_හරණය කළ පුද්ගලයන් අතර චීවරධාරියෙකු ද සිටින බව පැවසූ ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය එම හිමි නම ලක්ෂ ගණනින් මුදල් දී මෙම දැ_රිය දස වතාවක් පමණ ගෙන ගොස් අප_යෝජනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වන බව අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

මෙම දැ_රිය අප_හරණය කළ පුද්ගලයන් අතර දේශපාලකයන් දෙදෙනෙකු ද සිටින බවට කරුණු අනාවරණය වන බවත් ඔවුන් නමින් නොදන්නා බවත් දුරකතන අංක මගින් දන්නා බැවින් එම දුරකතන අංක පොලිසිය විසින් ලබා ගෙන ඉදිරි විමර්ශන සිදු කරන බවත් ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි. 

අදාළ දැරිය වයස අවුරුදු නමයේදී පමණ පියා අතින් අප_හරණය වී ඇති බව අධිකරණය හමුවේ හෙළි වී තිබිණි.

පසුව දැනට රිමා_න්ඩ් භාරයේ පසුවන මෙම දැරියගේ මව ඇයගේ පුරුෂයා අතහැර දරුවන් සමග අනියම් සැමියා වෙත ගොස් සිට ඇති බවත් එහිදී මෙම දැරියගේ මව ද ඇයගේ අනියම් පුරුෂයා විසින් රත්නපුර මැණික් ව්‍යාපාරිකයෙකුට වරින් වර රුපියල් ලක්ෂ දහ අටක මුදලකට විකුණා ඇති බවත් ඒ අතර දැරිය ද මොහු අප_හරණය කර පසුව අන් අයට ද විකුණා ඇති බවත් අධිකරණය හමුවේ හෙළි වී තිබිණි.

උපුටාගැනීම – මව්බිම පුවත්පතින්






Next Post

කාණුගෙදර රංජි කැම්පස් එකේ හමු වූ ආදරය කරකාර බදින දවස - ජායාරූප

Thu Jul 1 , 2021
කාණු ගෙදර රංජියා නමැති චරිතය ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූයේ අසීමිත අන්දමිනි. හාර කෝටිය ටෙලි සිතුවමේ ජීවත් වූ ඔහුගේ විලාසිතා, කතාබහ කරන ස්වරූපය, කොයි කාගෙත් සිත් ගත්තේ එහි වෙනසක් තිබූ නිසාය. ඒ අපූරු චරිතයට පණ පෙව්වේ රොහාන් විජේතුංගයි.හාර කෝටිය නාට්‍යය විකාශය වන කාලයේ රොහාන්ට පාරේ බැස යාමට බැරි තත්ත්වයක් උදා වූයේ […]

Breaking News