ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවට සුදුසුකම් ලැබූ සුසන්තිකාගේ අක්කගේ හුරුබුහුටි දුව – ජායාරූප

ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වූ ඊයේ (29) දිනයේ දී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් තරගාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

දිනයේ වඩාත් අවධානයට ලක්වූ ක්‍රීඩිකාව බවට පත්වෙමින් කාන්තා මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට යොවුන් ක්‍රීඩිකා මේධානි ජයමාන්න හට හැකි වූ අතර ඇය එහි දී ඉන්දීය සුපිරි ක්‍රීඩිකා හිමාදාස් අභිබවා යාමට ද සමත් වුනා.

මෙහි ඇති විශේෂ කාරනයක් වන්නෙ මේධානි කියන්නෙ ආසියාවේ කළු වෙළඹ සුසන්තිකා ජයසිංහගෙ අක්කගෙ දුව.ඒ කියන්නෙ මේධානිගෙ පුංචි තමයි සුසන්තිකා ජයසිංහ.ඒ වගේම ලුම්බිණි විද්‍යාලයේ මළල ක්‍රීඩා ඉතිහාසය අන්තර්ජාතික මට්ටමෙන් රනින් සැරසුව ප්‍රවීණ ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩා පුහුණු කරුවෙක් වන උමංග සංජීවගෙන් දැනටත් පුහුණුවීම් වළ නිරත වන ක්‍රීඩිකාවක් වීමත් මේධානි විශේෂ වෙනවා.

ඇයගේ පුංචි අම්මා වන ඔලිම්පික් ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මියගේ අඩි පාරේ යමින් තවමත් උසස් පෙළ සිසුවියක් වන මේධානි, එම තරගය තත්පර 24.08ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වූ අතර එහි දී ඇයට මෙවර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ පරිසාධන මට්ටම වූ තත්පර 24.35ක කඩයිම පසුකරමින් එයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වීම ද විශේෂත්වයක්.මේධානි ජයමාන්න කොළඹ ලුම්බිණි විදුහලේ 13 වසරෙ ඉගෙන ගන්න සිසුවියක්.මේධානිට යකඩ ඇගක් විතරක් නෙවෙයි යකඩ හිතකුත් තියෙන වේගයේ ප්‍රවේගය ලුහුබදින කෙල්ලක්.

01#

02#

03#

04#

05#

06#

07#

08#

09#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

Next Post

ඒ ජාන නිසා තමයි මන් මෙච්චර ලස්සන වුනේ – ජනප්‍රිය නිලි දුෂේනි සිල්වා - ජායාරූප

Wed Jun 30 , 2021
‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ කිරුළ හිමි ඇය පුංචි තිරයේද දඟකාර චරිතයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති..අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන්න අහිංසක නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුෂේනි මියුරංගි කියලා කියන්නේ. ඉතින් රංගන ක්ෂේත්‍රයේ කාලයක් පේන්න හිටපු නැති දුෂේනි මියුරංගි ඔන්න දැන් අලුත් ටෙලි නිර්මාණයකින් මේ දවස්වල පේන්න ඉන්නවා. අවුරුදු කිහිපයක […]

Breaking News