බැසිල් එක්ක මෛත්‍රීට ඇතුළු ආන්ඩුවේ මන්ත්‍රීවරුන්ට අලුතින් ලැබෙන ඇමතිකම් මෙන්න

බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාද කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයේ නොව මුදල් රාජ්‍ය  අමාත්‍යධුරයේ හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යධුරයේ දිවුරුම් දෙන බවද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යධුරය යටතට කොළඹ වරාය නගරය, ආයෝජන මණ්ඩලය ඇතුළු දැනට මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක් ඇතුළත්බවද වාර්තා වෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට පරිසර අමාත්‍යධුරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයිද වාර්තාවෙයි.

ඒ සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට රාජ්‍ය අමාත්‍යධුර ලබාදීමටද සැලසුම් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි

Next Post

කැලේට දැමූ ගිලන් රියට පණ දුන්නට පසු ගම්පහ තරුණයන්ට වෙච්ච දේ

Mon Jun 28 , 2021
විතයෙන් ඉවත් කළ ගිලන් රථයක් රුපියල් ලක්ෂ 5කට අධික වියදම් දරා අලුත් වැඩියා කළ පසු නැවත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් රැගෙන ගිය පුවතක් ගම්පහ මල්වතුහිරිපිටියෙන් වාර්තා වෙයි. භාවිතයට ගත නොහැකි තත්ත්වයට අබලන්ව තිබූ මෙම ගිලන් රථය මල්වතුහිරිපිටිය රෝහල් භූමියේ දිගු කලක සිට අතහැර දමා තිබූණි. මල්වතුහිරිපිටිය ස්වශක්ති තරුණ සංවිධානය ප්‍රදේශවාසීන්ගේ […]

Breaking News