කැලේට දැමූ ගිලන් රියට පණ දුන්නට පසු ගම්පහ තරුණයන්ට වෙච්ච දේ

විතයෙන් ඉවත් කළ ගිලන් රථයක් රුපියල් ලක්ෂ 5කට අධික වියදම් දරා අලුත් වැඩියා කළ පසු නැවත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් රැගෙන ගිය පුවතක් ගම්පහ මල්වතුහිරිපිටියෙන් වාර්තා වෙයි.

භාවිතයට ගත නොහැකි තත්ත්වයට අබලන්ව තිබූ මෙම ගිලන් රථය මල්වතුහිරිපිටිය රෝහල් භූමියේ දිගු කලක සිට අතහැර දමා තිබූණි.

මල්වතුහිරිපිටිය ස්වශක්ති තරුණ සංවිධානය ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් ඉතා හොඳ මට්ටමට අලුත්වැඩියා කර කො_රෝනා ආසාදිතයනට ප්‍රතිකාර කිරීමට සහ සැක සහිත තැන් පරික්ෂා කිරීම සඳහා මල්වතුහිරිපිටිය පොලිසියට බාරදුන්නේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.

පොලිසියේ ගාල්කර තිබූ එම ගිලන් රථය පසුගිය දිනක ගම්පහ සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් රැගෙන ගිය බවත් මෙවන් තත්වයක් තමන් බලාපොරොත්තු නොවූ බවත් එම සංවිධානය පවසයි.

මෙම ගිලන් රථය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වාචික අවසරය මත අලුත්වැඩි කර ඇත.

මේ සම්බන්ධයෙන්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ , සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ගිලන් රථයක් වෙනත් ස්ථානයක භාවිතා කිරීම අවභාවිතයක් වන බැවින් රථය දෙපාර්තමේන්තුව යටතේ තිබීම වියයුතු බව කියා සිටියේය’





Next Post

මහාචාර්ය නීලිකා මලවිගේ එන්නත් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි - ලස්සණ ෆ්ලෝරා මගේ සැමියාගේ

Mon Jun 28 , 2021
ස්වාධීන එන්නත් උපදේශන විශේෂඥ කමිටුවෙන් ප්‍රජා වෛද්‍ය පීඨයට සම්බන්ධ මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස්වී තිබේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදි සහ අනුක වෛද්‍යවේදි මහාචාර්ය නීලිකා මලවිගේ මේ දිනවල කො_රෝනා වසංගත මැඩලීමේ කාර්යභාරයේ ඉදිරිපෙළ හැසිරෙන්නියකි. ඇගේ සැමියා ලසන්ත මලවිගේද විශේෂඥ වෛද්‍යවරයෙකු වන්නා සේම ‘ලස්සණ ෆ්ලෝරා‘ ව්‍යාපාරයේ හිමිකරු බව බොහෝ අය නොදන්නා කරුණකි.මවක, […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News