ලංකාවම ආදරේ කරන ඒ තරුණ ක්‍රීඩකයා – කුසල් මෙන්ඩිස් ගෙවන සුපිරි ජීවිතය මෙන්න

බාලප්පු වඩුගේ කුසල් ගිම්හාන මෙන්ඩිස් එහෙමත් නැත්තම් කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රීලංකා ක්‍රිකට් රසිකයන්ගේ මුවග නිතර රැදුන නමක්. මේ වෙනකොට තරග දින්නත් පැරදුනත් අන්තර්ජාලයේ කුසලට එරෙහිව පලවෙන උපහාසාත්මක වදන් වලින් අපිට එබැව පෙනේ.මේ දක්ෂ යොවුන් ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියේ දී ශතක කිහිපයක්ම මීට පෙර වාර්තා කළ බව ඔබට මතක ඇති.ඒ අතරින් ඔස්ට්‍රේලියාවට එරෙහිව 2016 වසරේ දී වාර්තා කළ ලකුණු 176 සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාවට පළමු වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට එය මග පාදා දීම හේතුවෙන්.

1995 වසරේ පෙබරවාරි 2වන දින මොරටුවදී උපත ලබන කුසල් මෙන්ඩිස්ගේ ළමා කාලය ගොඩක් අගහිගකම් වලින් පිරි එකක්. දිනේෂ් මෙන්ඩිස් කුසල්ගේ පිය වෘර්තියෙන් වඩු කර්මාන්ත ශිල්පියෙක්. කුසල් අද ලබන හැම සාර්ථකත්වයක් පිටුපසම සිටින්නේ ඔහුගේ දෙමාපියන් බව ඔහු හැමවිටම පවසනවා.කුසල්ගේ දෙමාපියන්ට තිබුන එකම බලාපොරොත්තුව කුසල් ජාතික කණ්ඩායම නියෝජනය කරනවා දැකීමයි.එනිසා ඔහුට අවශ්‍ය සියලු දේ නොඅඩුව ලබා දෙන්න කුසල්ගේ දෙමව්පියන් වගබලා ගත්තේ විශාල ආර්ථික ගැටලු හමුවේය.

කුසලට මුලික හා දිවිථීක අද්‍යාපනය ලබාගන්න මොරටුව වෙල්ස් කුමාර විදුහලේ අවස්ථාව සැලසෙනවා.අද්‍යපනයට වඩා ක්‍රීඩාවට හිත යොමුකරන කුසල් පළමුවරට 13 න් පහල කණ්ඩායමට සුදුසුකම් ලබනවා. ඔහුගේ අසාමාන්‍ය පිතිකරණ හැකියාවත් පන්දු රැකීමේදී දක්වන උනන්දුවත් දකින පුහුණුකරු ඔහුව 15 න් පහල කණ්ඩායමට තොරා ගන්නවා. එමෙන්ම 2012 වසරේදී කුසල් 15 න් පහල ශ්‍රීලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කවදා හෝ ශ්‍රීලංකා පිලට එක්වීමේ සිහිනය පෙරදැරි කරගෙනයි.

01#

02#

03#

04#

05#

06#

2012 දීම ඔහුට සිය පාසලේ පළමු පෙළ කණ්ඩායමේ අවස්ථාව ලැබෙනවා.වේල්ස් කුමාර විදුහල මහා තරගය පරාජය උනත් කුසල් තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම පල නෙලා ගන්නවා. පාසල් ලීගය තුලදී දිත්ව ශතකයක් ශතක 2ක් ඇතුළුව ලකුණි 1000 පසුකරන්න කුසල්ට හැකිවන්නේ තරග 10ක් පමණක් ක්‍රීඩා කරමින්.2013 වසරේදී ඔහු හොදම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නේ අර්ජුන, රොෂාන්, ගුරුසිංහ ,අතපත්තු වැනි ප්‍රවීණයින්ගේ නම් අතරට කුසල් මෙන්ඩිස් නමත් එකතු කරමින්. මේ දක්ෂතාවයත් සමග 2014 වසරේ ඔහු 19 පහල ලෝක කුසලාන සංචිතයට නායකත්වය ලබාදිමට තෝරා ගන්නවා.

07#

08#

09#

10#

11#

12#

13#

14#

කණ්ඩායමක් ලෙස 19 න් පහල කණ්ඩායම අසාර්ථක උනත් කුසල් ඔහුගේ හැකියාවන් ලෝකෙට පෙන්නනවා. මින් පැහැදෙන බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් කණ්ඩායම කුසල් මෙන්ඩිස් වෙනුවෙන් ස්ථානයක් ලබා දෙන්න තීරණය කරනවා. ලැබෙන අවස්ථාවෙන් ක්‍රියාත්මක වන මෙන්ඩිස් බ්ලුම්ෆීල්ඩ් වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබා දෙනවා. මේ වන විට ඔහු සි. සි .සි කණ්ඩායම නියෝජනය කරන අතර පළමු පෙළ ලීග තරඟ 62 කදී ශතක 8ක් සහ අර්ධ ශතක 16 සමග ලකුණු 4036 ක් ලබන්නේ 36.36ක සමාන්‍යක් තබා ගනිමිනුයි.

15#

16#

17#

18#

19#

20#

21#

එම ඉනිම පමණක් නොව ටෙස්ට් පිටියේ ඔහු අවස්ථා දෙකකදී ද්විත්ව ශතකය පෙනෙන මානයටම පැමිණීමට සමත් වුණා.ඉතින් ගොඩක් තරුණියක් ඔහුගේ කඩවසම් පෙනුමට ගොඩක් කැමති. ඒ වගේම ගොඩක් අයගේ ආදරයද ඔහුට හිමි වෙලා තියනවා. ඔහු 2009 වසරේ ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 15 න් පහළ නායකයා ලෙසද කටයුතු කරනු ලැබුවා.ඉතින් ඔහු ලංකා ටීම් එකේ සෙල්ලම් කල මුල් දවස් වලනම් කාගේත් ආදරය දිනාගත් ක්‍රීඩකයෙක් වුනා. මොකද ඔහු හොඳින් ක්‍රීඩා කල නිසා.

22#

23#

24#

25#

26#

27#

28#

2018 / 2019 වසරේ ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකල ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ අංක 2 ස්ථානයට පත්වන්න කුසල් සමත්වන්නේ එම ලයිස්තුවේ අංක එකේ සිටින විරාත් කෝලිට වැඩ ලකුණු 56ක් පිටුපසින්. ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුල මේ වනවිට තරග 44 ක් ක්‍රීඩා කර ලකුණු 2995 ක් ලබාගෙන සිටින්නේ ශතක 7ක් සහ අර්ධ ශතක 11ක් සමගයි. 2018 වසරේ අග සහ 2019 වසරේ මුල් කාල තුල මෙන්ඩිස්ගේ ක්‍රිකට් ජිවිතය සුන්දර එකක් නම් උනේ නෑ මෙයට හේතුව ඔහු තරගාවලි කීපයක එක දිගටම අසාර්ථක වීමයි. නමුත් ටික කලක ඉඳන් ඔහුගේ ක්‍රීඩා විලසයනම් කාටවත් ඇල්ලුවේ නෑ. මොකද ඔහුගේ දස්කම් ටික ටික නැති වෙලා ගිහින් කියලයි ගොඩක් අය කතා වුනේ. ඉතින් අද අපි ඔබට ගෙන එනවා ඔහුගේ සුපිරි ජිවිතයේ ජායාරුප එකතුවක්.

29#

30#

31#

32#

Next Post

තිදෙනාම 11 වනතුරු නයිට් ක්ලබ් එකක - පසුපස ලුහු බැදපු නසීර් හෙලිකල විස්තරේ මෙන්න

Mon Jun 28 , 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල දෙදෙනා එංගලන්තයේ පරාජිත තරගයෙන් පසු එදින රාත්‍රියේ ඩර්ම්හැම් නුවර විශ්ව විද්‍යාලයක් යාබදව පිහිටි ප්‍රකට සමාජ ශාලාවේ මත්වෙමින් විනෝදවෙමින් කාලය ගතකර ඇති බවටත් මෙම වීදි සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකද එක්වී ඇති බවටත් මේ වනවිට තොරතුරු අනාවරණයවී ඇත. එංගලන්තයේ […]

Breaking News