නාඩගම් කාරයෝ ටෙලි සිත්තමේ කුකුල් කෑල්ල මදුෂානි පෙරේරා බුකිය කළඹයි

මදුෂානි පෙරේරා කියන්නේ අපේ රටේ නවක රංගන ශිල්පිනියක් විදිහට බොහෝ ජනප්‍රියත්වයක් දිනා ගත් දක්ෂ රංගන ශිල්පිනියක් වනවා. මේ දිනවල කා අතරත් අතිශයින් ජනප්‍රිය බොහෝ සෙයින් කතා බහට ලක්වෙන ටෙලිනාට්‍යයක් තමයි ස්වර්ණවාහිනියේ විකාශනය වන නාඩගම් කාරයෝ කියලා කියන්නේ.ඉතින් ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ සද්දා මන්ගලසූරිය බණ්ඩාරගේ නිර්මාණයක් වුනු මේ ටෙලිනාට්‍යයේ ජානුගේ චරිතය එහෙමත් නැතිනම් සිගිතිගේ චරිතයට පන පොවන රුවැත්තිය ඇයයි.ඉතින් ඒ හරහා ඇය මේ දිනවල බොහෝ ප්‍රේක්ෂක ආදරයට ලක් වී තිබෙනවා. ඒ වගේම පසු ගිය දිනවල රවණා ටෙලිනාට්‍යයේ මන්දෝධරී බිසවට පන පෙවීමත් සමඟ ඇයව බොහෝ දෙනෙකු හදුනා ගනු ලැබුවා. මේ දවස්වල මුළු රටක්ම කතාකරන නාඩගම්කාරයෝ නාට්‍යයේ කුකුල් බබා එහෙමත් නැත්නම් උළු කෑල්ල එක්ක පොඩි කතාබහකට එකතු වුනා.

වැඩිපුරම දැන් ඔයාව දන්නේ කුකුල් බබා කියලද? මධුෂානි කියල ද?මම හිතන්නේ කුකුල් බබා විදියට. ගොඩක් අය මගේ ඇත්ත නම දන්නවා අඩුයි. ජානු, කුකුල් බබා, උළු කෑල්ල කියලා තමා ගොඩක් අය දන්නේ.

01#

02#

03#

04#

05#

06#

07#

08#

රංගන ජිවිතයට එන්න කලින් කොහොමද ජීවිතය ගෙවුණේ?රංගන ජිවිතයට එන්න කලින් මම නිරූපිකාවක් විදියට වැඩ කළා. ඒකත් එක්ක තමයි කාලය ගෙවුනේ. මගේ පාසැල පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා වැඩ කළේ නැවක. මට අයියා කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ ලංකාවේ නෙමෙයි. මම ඉන්නේ කොට්ටාවේ.ඔය අතරේදී තමයි මට නාඩගම්කරයෝ එකට එන්න කිවුවේ Screen Test එකකට. ඒ මාර්ගයෙන් ගිහින් තමයි මාව තෝරගත්තේ. දැන් නාඩගම්කාරයෝ එකේ වැඩකරගෙන යනවා.

මේ ක්‍රේෂ්ත්‍රයේ ඔබේ බලාපොරොත්තුව මොකද්ද?බලාපොරොත්තුව තාම මම පටන් ගත්තා විතරයි. මට ඉගෙනගන්න, දැනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් හරියට හදාරලා ඉගෙනගෙන ඒ විදියට ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.

09#

10#

11#

12#

13#

14#

15#

නාඩගම්කාරයෝ අතර වෙච්ච විශේෂම සිද්ධිය මොකද්ද?මම වැඩ කරන්නේ ඔක්කොමලා වගේ ප්‍රවීණ අයත් එක්ක. මම තමයි නවක ශිල්පිනියක් විදියට ඉන්නේ. මට මුලින් ලොකු පීඩනයක් තිබ්බා කට්ටියත් එක්ක වැඩ කරද්දී මොනවා වෙයිද? මොනවගේ ප්‍රතිචාර මට ලැබෙයිද කියලා. ඒ වුනාට මට සෑහෙන්න උදව්වක් ලැබුනා. ඇත්තටම ගිරිරාජ් අංකල්. හෂිනි අක්කා, කෝකිල පවන් එක්ක තමයි මගේ ගොඩක් සීන්ස් තියෙන්නේ. ඒත් එක්කම ළඟදි තිබ්බා සීන් එකක් කුකුළා මුදලාලිට ඡන්දය ඉල්ලන්න ටිකට් එක හම්බුනා කියන එක. ඒක හම්බෙලා ගෙදරට එනවා සතුටට කතා කරගන්න බැරිව. ඒ ඇවිල්ලා කොහොමහරි කෑ ගහලා ඒ සින් එක ගන්න කලින් මුලින්ම ගිරිරාජ් අංකල් කිව්වා මම මෙහෙම කතා කරගන්න බැහැ කියලා පුටුවේ වාඩිවෙනවා. ටිකක් ඉස්සරහට වෙන්න පුතේ වාඩි වෙන්නේ පොඩ්ඩක් බලන්න කියලා. ඒක එච්චර දෙයක් නෙමෙයිනේ. කොහොමහරි ඇවිල්ලා වාඩිවුණේ බිමින්. පුටුවේ බිමින් වැටුනා වගේ. මට කොහොමහරි එතන ඉදන් හිනා වෙන්න පටන් ගත්තා එදා දවස ඉවරවෙනකන්ම ඒකට මතක් වේවි හිනා යනවා. දැන් මතක් වෙද්දීත් හිනා. ඒක තමයි ලඟදි වෙච්ච අමතක නොවන සිද්ධිය.

16#

17#

18#

19#

20#

21#

ඉලක්කය කරා යන ගමනේදී ඔබට නාඩගම්කාරයෝ වැදගත් වෙන්නේ කොයි විදියට ද?නාඩගම්කාරයෝ එකේ චරිතය කියන්නේ මම කවදාවත් හිතපු නැති විදියේ චරිතයක්. කෑ ගහලා, දඟලලා, ගෙදර අම්මා තාත්තට බැනලා, යාළුවන්ට බැනලා, ගමේ අයට බැනලා, එහෙම ඉන්න චරිතයක්. ඒ වගේ චරිතයක් මම බොහොම බයෙන් බාර ගත්තේ. කොහොමද මට කරන්න පුළුවන් වෙයි ද එහෙම කියලා.දැන් කොහොමහරි ටිකෙන් ටික චරිතය ගොඩනඟාගෙන යනවා. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක් කියලා මම හිතනවා ඒක වෙනස් චරිතයක් නිසා.

22#

23#

24#

25#

26#

27#

ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ?ඒ කියන්නේ මට බනින්නේ නැහැ කවුරුත්. හිනා වෙනවා. එයාලා ඒ චරිතයට කැමතියි. ඒකට අකමැති පිරිසකුත් ඉන්නවා. ඒ වුනාට අර බනින තැනට ඇවිල්ලා නැහැ. මං ගොඩක් බැනුම් ඇහුවේ සරාගේ අක්කගේ දරුවෙක් ලෙඩ වෙලා අරන් යනවා. ඒකට මම යන්න එපා කියලා මාලන්ට බැනලා කියනවා. ඒක තමයි ගොඩක් අය මාත් එක්ක පොඩි තරහක් ඇති වෙලා තිබ්බේ. ඒ ඇරෙන්න මම තාම දැකලා නැහැ කවුරුත් මට බනිනවා. හොද ප්‍රතිචාර හම්බෙනවා කුකුළු බබා, උළු කෑල්ල කියලා. ඒ වගේ තමා.

කුකුල් බබාගේ රංගන හැකියාව බලන්න සතියේ දිනවල රාත්‍රී 9.30ට නාඩගම්කාරයෝ බලන්න.

28#

29#

30#

31#

32#

33#

Next Post

අතරමං වූ සුරතලෙකුට කරුණාව පුද දී, ජීවිතයට සමුදුන් රත්තරන් දියණියක්

Sun Jun 20 , 2021
මා දරුවන් දෙස බලන්නට වඩාත් ආශාවක් දක්වන්නේ ඔවුන් නින්දේ පසුවන විට දීය. එවිට දරු පැටවුන්ගේ දසුන වඩාත් සුන්දරය. ජීවිතයේ කවදාවත්ම නුදුටු තරමේ ලස්සන මල් නිදහසේ පිපී තිබෙන විලාසයක් එහි තිබේ. ලෝකයේ සොඳුරුම දසුන් තෝරන්නට අවස්ථාවක් ල‍ෙදාත් නින්දේ පසුවන දරු පැටවුන්ගේ මුහුණු තරම් හදවත් පැහැර ගන්නා වෙනත් සොඳුරු දසුනක් නැතැයි ඔබට […]

Breaking News