ඇතුළේ ඉඳන් ආ මොරටු නගරාධිපතිගෙන් ‘දැන් සැපද’ කියා ඇසූ පුද්ගලයාට වුන දේ

රක්ෂිත බන්ධ_නාගාර ගතව සිටි මොරටුව නගරාධිපතිවරයා ඇප මත නිදහස් වී පැමිණි පසු පුද්ගලයෙකු විසින් නගරාධිපතිවරයාට දුරකථන ඇමැතුමක් ලබා දී “දැන් සැපදැයි” විමසමින් පැමිණි දුරකථන ඇමතුමක් පිළීබදව මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් මොරටුමුල්ල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා අත්අ_ඩංගුවට ගෙන ඇත.

අත්අ_ඩංගුවට ගෙනෙ ඇති පුද්ගලයා නගරාධිපතිවරයා සමග මින් පෙර ආරවු_ලක් ඇති කරගත් පුද්ගලයකි.

මේ සම්බන්ධයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින අතර නගරාධිපතිවරයාට කිසිදු තර්ජ_නයක් සිදු නොකළ යුතු යැයි සැකකරුට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක්ද නිකුත් කර තිබී ඇත.

නගරාධිපතිගේ පැමිණිල්ලට අනුව මොරටුමුල්ල පොලීසිය මෙම දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පිළිබඳව දුරකථන වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඒ අනුව කළ විමර්ශනවලදී සැකකරු අත්අ_ඩංගුවට ගෙන තිබුණි.

Next Post

අසරණ වුන පවුල් වලට උදව් කරන දකුණේ ආදරණිය ෆැමිලි එක මෙන්න

Fri Jun 18 , 2021
පහුගිය දවසක තම ගැබ්බර බිරිඳව රෝහලට ගෙනයාමට 22km ක් ගංවතුර මැද්දෙන් පයින්ම අවිදිගෙන ගිය ආදරණීය සැමියාගේ කතාව අපේ රටේ පුවත්පත්, රූපවාහිනී නාලිකා මෙන්ම සමජ මාධ්‍ය තුලත් අතිශයින්ම කතා බහට ලක්වුණා. ඉතින් මේ ආදරණීය යුවල කුමාර සහ චාන්දනී ගැන මේ පුවතත් එක්ක බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වෙන්න ගත්තා. ඉතින් ඒ වගේම […]

Breaking News