විදෙස් රටවලින් වාහන ගෙන්වීම වෙනුවට කරපු සුපිරි වැඩේ – ජායාරූප

යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කරන ලද රථවාහන කිහිපයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පරීක්‍ෂා කළේය.කසළ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක්, ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථයක්, ජිප් රථ හතරක් සහ ඩබල් කැබ් රථයක් එලෙස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂා කරන ලදී.

මෙහි විශේෂත්වය වන්නේ ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථය හැර අනෙකුත් සියලුම රථ යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව ප්‍රයෝජනයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කළ රථ වාහන වීමයි. ශ්‍රී

ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ලබාදුන් උපදෙස් අනුව මෙම සියලුම වාහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස්ගේ ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් නවීන මාදිලියන්ට අනුව නවීකරණය කර තිබීම තවත් සුවිශේෂීත්වයකි. 

එමෙන්ම, විදේශ විනිමය විශාල ලෙස ඉතිරි කරමින් ආයෝග්‍ය කරන ලද යතුරුපැදි, වෑන්, ලොරි, ට්‍රක් සහ බස් ඇතුළු බරවාහන රැසක් උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය ඇතුළු දිවයිනපුරා ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලවල් මගින් යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා අලුත්වැඩියා කර ඇත.

මෙලෙස යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලුම දෙනාට මෙහිදි යුද්ධ හමුදාධිපති සිය ස්තූතිය ප්‍රකාශ කළේය.








Next Post

ඇතුළේ ඉඳන් ආ මොරටු නගරාධිපතිගෙන් ‘දැන් සැපද’ කියා ඇසූ පුද්ගලයාට වුන දේ

Fri Jun 18 , 2021
රක්ෂිත බන්ධ_නාගාර ගතව සිටි මොරටුව නගරාධිපතිවරයා ඇප මත නිදහස් වී පැමිණි පසු පුද්ගලයෙකු විසින් නගරාධිපතිවරයාට දුරකථන ඇමැතුමක් ලබා දී “දැන් සැපදැයි” විමසමින් පැමිණි දුරකථන ඇමතුමක් පිළීබදව මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් මොරටුමුල්ල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා අත්අ_ඩංගුවට ගෙන ඇත. අත්අ_ඩංගුවට ගෙනෙ ඇති පුද්ගලයා නගරාධිපතිවරයා […]

Breaking News