සජිත් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු වාහන එපා ඒ සල්ලි එන්නත් වලට දෙන්න කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වන යෝජනාව සමගි ජනබලවේගය ප්‍රතික්ෂේප කරන බවත් එම මුදල් ජනතාවට එන්නත් ලබාදීම සඳහා උපයෝගී කර ගන්නා ලෙස රජයට බල කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි.

එම සටහන පහතින්

බදු ගෙවන්නන්ගේ මුදලින් මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වු රජයේ යෝජනාව සමගි ජන බලවේගයේ අපි ප්‍රතික්ෂේප කරන්නෙමු. රටතුළ පවත්නා මෙම සීමිත අරමුදල් සියලු ශ්‍රී ලාංකිකයන් වෙත එන්නත් ලබාදීම සඳහා උපයෝගි කරගන්නා ලෙස රජයට බල කරමු. දේශපාලනඥයන්ගේ ජීවිත සුඛිත මුදිත කරනු පිණිස මහජන සම්පත් යොදාගැනීම සමගි ජන බලවේගය විසින් කිසිදින අනුමත නොකරනු ඇත. ඒ වෙනුවට එම සම්පත් ආයෝජනය කළයුතු වන්නේ සමෘද්ධිමත් හා සංවර්ධිත මව්බිමක් ප්‍රවර්ධනය කරනු උදෙසාය.

வரி செலுத்துபவர்களின் நிதியிலிருந்து பாராளுமன்ற உறுப்பினர்களுக்கு வாகனங்களை வழங்குவதற்கான அரசாங்கத்தின் முன்மொழிவை ஐக்கிய மக்கள் சக்தியாகிய நாங்கள் நிராகரிக்கின்றோம். நாட்டில் நிலவுகின்ற இந்த மட்டுப்படுத்தப்பட்ட நிதியத்தை அனைத்து இலங்கையர்களுக்கும் தடுப்பூசிகளை வழங்குவதற்காக பயன்படுத்துமாறு அரசாங்கத்தை வலியுறுத்துகின்றோம். அரசியல்வாதிகளின் வாழ்வை செழிப்பாக்குவதற்கு மக்களுக்குரிய வளத்தை பயன்படுத்துவதற்கு ஐக்கிய மக்கள் சக்தி ஒருபோதும் அனுமதிக்காது. இதற்குப் பதிலாக அவ்வாறான வளங்களை நாட்டின் மேம்பாட்டுக்கும், அபிவிருத்திக்கும், சுபீட்சத்துக்கும் முதலீடு செய்தல் வேண்டும்.

We of the Samagi Jana Balawegaya reject the proposal of the government to provide MPs with vehicles at taxpayers’ expense. We urge the government to ensure that these scarce public funds are utilized to provide vaccines for all Sri Lankans. SJB will never approve of using public resources for the betterment of the lives of politicians, rather such resources should be invested in promoting a prosperous and a developed motherland.

Next Post

ඉවත ලන ප්ලාස්ටික් බෝතල්වලින් මුදල් උපයන්න අවස්ථාවක් - බෝතලයක් නැවත දුන්නොත් රුපියල් 10ක්

Mon Jun 14 , 2021
මි.ලී. 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක් වීම වැළැක්වීමට විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ, විකල්ප ඇසුරුම් සඳහා වැයවන පිරිවැය සහ කල් පැවැත්ම පිළිබඳ ගැටලු ඇති බැවින්, ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීම ප්‍රායෝගික නොවන බව මධ්‍යම පරිසර […]

Breaking News