රටම කතා වෙන ත්‍රී සිස්ටර්ස්ලා මෙන්න – අක්කා නගෝ සුන්දර රූමතියො තුන්දෙනා – ජායාරූප

ත්‍රි සිස්ටර්ස්ලා කියලා අපිට මුලින්ම මතක් වෙන්නේ ප‍්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි පෙරේරා සහ ඇගේ සොයුරියන්වයි.අයිරාංගනී නංගිටත්, මල්ලිකා අක්කත් සමග ඉන්ද්‍රානි පෙරේරා ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෝ වුනා. මීට වසර ගණනාවකට පෙර මල්ලිකා පෙරේරා අභාවයත් සමග මෙම සොයුරියන්ගේ සංගීත මඟ නැවතුනත් ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය අදටත් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කරනවා

දිනේෂ් ප්‍රියසාද් කියන්නේ ලංකාවේ සිනමාව තුළ නමක් තැබූ සිනමාකරුවෙක්. ප්‍රියසාද් ආදරයේ සංකේත තුනක් තියෙනවා. ඒ දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි. එමෙන්ම මේ පවුලේ දියණියන් තිදෙනාම ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් තිදෙනෙක්. ශේෂාද්‍රි,දිනක්ෂි සහ ශනුද්‍රි ගැන හැමදෙනාම දන්නවා. අද වෙද්දී ලංකාවෙත් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඒ වගේම අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙක් මේ ඇය ගැන දන්නවා ඇති.ඒ තමයි අපි දෙවෙනියට කිව්ව ත්‍රී සිස්ටර්ස්ලා

මේ කියන්න යන්නේ අද අපේ මාතෘකාව වු ත්‍රී සිස්ටර්ස්ලා ගැනයි. ජීවිතය අඩියෙන් ම පටන්ගෙන දිරියෙන් ඉහළටම ගිය, බාධක වලට නොසැලී මුහුණ දුන්, නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නිරූපිකාවක් වන ඇය සශිනි ලක්ෂිකා ය. කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයෙන් නිරූපණ ක්ෂේත්‍රයට අවතීරණ වූ ඇය නිරූපිකාවක් ලෙස තැනකට එන්න ගොඩක් මහන්සි වුණු කෙනෙක්. ඒ මහන්සිය කොතෙක්ද කියනවා නම් සමහර අවස්ථා වලදි ගොඩක් අය ඇයව රස්තියාදු කරලත් තියන බවයි අපට දැනගන්න ලැබුනේ. ඒ පිළිබඳව ඇය තම හඬ අවදි කළේ මෙලෙසයි.

1#

2#

මට මතකයි මුලින්ම රෑම්ප් එකේ ඇවිදින කොට ඒකට මට ලැබුණේ පොඩි ගානක්. කොහොම වුණත් ඒ ගාන එක්කම මම මේදේට ආස නිසා හිටියා කවදා හරි හරි යයි කියලා. ඉතින් ඒක ඇත්තටම හරියන්න නම් ලොකු කාලයක් ගියා.

3#

4#

පස්සේ තමයි නිසි වටිනාකමක් වැඩකට ලැබෙන්න පටන් ගත්තෙ. මව ,පියා හා නැගණියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය ලෙස ඉතාමත් අමාරුවෙන් තැනකට ආ ශෂීගේ පියා මහනුවර ප්‍රදේශයේ වඩේ කරත්තයක් කරපු කෙනෙක් බවත් ඇය ගේ වූ දුක් ගැහැට පිරි දිවිය ගැන කියන්න ඇයි කිසිසේත් ලැජ්ජ නොවන බවයි සෂිනි පවසා සිටියේ.

5#

6#

තම වැඩිමහල් සොයුරිය වන ශෂීව ආදර්ශයට ගත් ඇගේ නැඟණියන් දෙදෙනා වන සෙව්වන්දි සහ හයේශි තම වැඩිමහල් සොයුරිය ගේ අඩි පාරේ යමින් ඇය විදිහටම දේවල් කරන්න කැමති බවයි කියන්නේ. ඒ ගැන ශෂී පැවසුවේ මෙවැනි දෙයක්.

7#

8#

නංගිලා දෙන්නම් මගේ අඩිපාරෙ යන එක ගැන සතුටක් තියෙනවා.මොකද මම ක්ෂේත්‍රයට එද්දී ලේසි උනේ නෑ.ඒත් අද වෙද්දි ක්ෂේත්‍රයේ දේවල් ගැන මම දන්නවා.හොඳ නරක දන්නවා. ඒ හින්ද ඉදිරියට යද්දී මම නංගිලා දෙන්නට කියලා දෙනවා.” නිරූපණය වගේම ඇය මේ වෙනකොට තමන්ගේ නිවේදන වගේම ,වැඩසටහන් ඉදිරිපත් කිරීමත් කරගෙන යනවා.

9#

10#

රංගනයට ඇරයුම් ලැබුණද ඒ කිසිවකට ඉදිරිපත් වෙන්න නොසිතුන බවයි ඇය කියා සිටියේ. “විවාහය කියන්නේ මම ලැබුව වෙනස්ම අත්දැකීමක්. මායි ඔහුයි දෙන්න කාලයක් තිස්සේ ලිවින් ටුගෙදර් හිටියේ.ඒක වෙනස්ම අත් දැකීමක්.

11#

12#

ඒ අත්දැකීම එක්කම ආදරය ගලාගෙන ගිහින් අපි වසර කීපයකට පස්සේ විවාහ වුණා. දැන් මටත් මගේ නංගිලා දෙන්නටත් කලා වැඩ වලට ඔහු ගොඩක් උදව් කරනවා.” කන්ද උඩරටින් කොළඹ ආපු මේ අක්කා නගෝ තිදෙනා කොළඹ තනි ගෙදරක තම සැමියා සමග ජීවත් වෙමින් කලා වැඩ ඉදිරියට කරගෙන යන බවයි අපට දැනගන්න ලැබුණේ.

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

Next Post

ගැබ්බර බිරිය කර තියං ගංවතුර මැද්දේ කි.මී. 22ක් පයින්ම ගිය සැමියකුගේ නොනිමි ආදරය

Sat Jun 12 , 2021
කඳු ගැටිත්ත උඩ තියෙන තේ වත්තේ තියෙන පුංචි කුලී ගෙදරින් එළියට බැහැපු කුමාර තම බිරිය චාන්දනීවත් වත්තම් කරගෙන හෙමින් හෙමින් පල්ලම් බැස්සා. ඔයාට අමාරු නැහැ නේද? අපි හිමිහිට යමු” කුමාර ආදරය පිරුණු දයාබර ස්වරයෙන් ඇහුවා.චාන්දනීගේ මුහුණේ තියෙන්නේ විශාල බියක්. ඒ වගේම තිගැස්මක්. ඒත් ඒ බිය හා තිගැස්ම යටපත් කරගෙන චාන්දනී […]

Breaking News