X-Press Pearl නෞකාවේ තෙල් කාන්දුවක් චන්ද්‍රිකා ඡායාරූපවලින් නිරීක්ෂණය වෙයි – ජායාරූප

කොළඹ වරායට නුදුරෙන් ගි_නි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් සිටින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට ස්කයි නිවුස් පුවත් සේවය චන්ද්‍රිකා ඡායාරූප සහිතව වාර්තා කර තිබේ.

නැව ආසන්නයේ ඇති මුහුදු වතුරට විශාල තෙල් කා්දුවක් මිශ්‍ර වී ඇති අයුරු මෙම ඡායාරූප වලින් දැක්වෙයි.

මෙම තෙල් කාන්දුව මීටර් ගණනක් දිගට දැකිය හැකි බව ස්කයි නිවුස් සේවය වාර්තා කළේය.

රසායනි ද්‍රව්‍ය, පොලිතීන් කැට වැනි පරිසරයට අහිතකර ද්‍රව්‍ය රැගත් කන්ටේනර්ද සහිතව ගමන් ගත් මෙම නෞකාව ගි_නි ගැනීමෙන් අනතුරුව ජුනි 02 දා සිට මුහුදු බත්වීම ආරම්භ විය.

මෙය ශ්‍රී ලංකාවේ අභාග්‍යසම්පන්නම සාගර පරිස දූෂ_ණය ලෙසින්ද හැඳින්වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විටත් කැස්බෑවුන්, මුහුදු පක්ෂීන් මත්ස්‍යයින්ගේ මළ සිරුරු වෙරළට ගොඩ ගසමින් තිබේ.

ආපදා කළමනාකරණය සඳහා චන්දිකා ඡායාරූප නිකුත් කරනු ලබන International Charter Space and Major Disasters වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, මෙම නෞකාවේ තෙල් ටොන් 350ක් පමණ අඩංගු වන බවත් තෙල් කාන්දු වීමක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය.

නෞකාවේ පසුපස කොටස මේ වන විටත් මීටර් 21ක් පමණ ගැඹුරු මුහුදේ ගිලී පත්ලේ ගැටී ඇති ඇති අතර ඉදිරිපස කොටස සෙමින් ගිලෙමින් පවතී. 

X-Press Pearl බහාලුම් නෞකාව නයිට්‍රික් අම්ල ටොන් 25 ක් ද ඇතුළු බහාලුම් 1,486ක් ප්‍රවාහනය කරමින් සිටියදී මැයි 20 වන දින ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුදේදී ගි_නි ගැනීමට ලක් විය. 

එතැන් සිට දින 13ක් පුරා එම නෞකාව ගි_නි ගැනීමට ලක් විය




Next Post

ගිනස් වාර්තා අතරට එක්වීමට නියමිත දස නිවුන් දරු උපත - කොල්ලො 7යි කෙල්ලෝ 3යි - ජායාරූප සහිතයි

Thu Jun 10 , 2021
දකුණු අප්‍රිකානු කාන්තාවක නිවුන් දරුවන් 10 දෙනෙකු ප්‍රසූත කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  මෙම දස නිවන් දරු උපතට හිමිකම් කියන මව, 37 හැවිරිදි අප්‍රිකානු ජාතික ගොසියාම් තමාරා සිතෝල් නමැත්තියකි.  ප්‍රසූතියට පෙර සිදු කර තිබූ ස්කෑන් පරීක්ෂණවලදී නිවුන් දරුවන් 08 දෙනෙකු පිළිසිඳගෙන ඇති බවට අනාවරණය වී තිබූ බව ඇගේ ස්වාමියා […]