ගිනස් වාර්තා අතරට එක්වීමට නියමිත දස නිවුන් දරු උපත – කොල්ලො 7යි කෙල්ලෝ 3යි – ජායාරූප සහිතයි

දකුණු අප්‍රිකානු කාන්තාවක නිවුන් දරුවන් 10 දෙනෙකු ප්‍රසූත කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

මෙම දස නිවන් දරු උපතට හිමිකම් කියන මව, 37 හැවිරිදි අප්‍රිකානු ජාතික ගොසියාම් තමාරා සිතෝල් නමැත්තියකි. 

ප්‍රසූතියට පෙර සිදු කර තිබූ ස්කෑන් පරීක්ෂණවලදී නිවුන් දරුවන් 08 දෙනෙකු පිළිසිඳගෙන ඇති බවට අනාවරණය වී තිබූ බව ඇගේ ස්වාමියා පවසා ඇත. 

එහෙත්, දරු ප්‍රසූතියේදී නිවුන් දරුවන් 10 දෙනෙකු සිට ඇත.

උපත ලැබූ දරුවන් 10 දෙනා⁣ගෙන් දරුවන් 07 දෙනෙකු පිරිමි දරුවන් ද 03 දෙනෙකු ගැහැණු දරුවන් ද වන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම දරුවන් දස දෙනා අතරින් 05 දෙනෙකු ස්වාභාවික උපත් ලෙසත් අනෙක් 05 දෙනා සිසේරියන් සැත්කමක් හරහා උපත ලබා ඇති බවත් සඳහන් වේ. 

වැඩි ම නිවුන් දරු ප්‍රසූතිය ලෙස මින් පෙර පසුගිය මාසයේදී මොරොක්කෝවේ මාලි හි 25 හැවිරිදි සිසේ නමැති කාන්තාවක නිවුන් දරුවන් 09 දෙනෙකු බිහිකිරීම වාර්තා වී තිබිණ.

එබැවින් මෙම දස නිවුන් දරු උපත ගිනස් වාර්තාවක් වීමට නියමිත අතර මේ වන විට ඒ සම්බන්ධ නිවැරදි තොරතුරු සොයාබැලීම් ගිනස් ලෝක වාර්තා ආයතනය මගින් සිදු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.




Next Post

වාහන ගෙන්වීම අවලංගු කරන්න බෑ - බැරි හේතුව මෙන්න - ඇමති කෙහෙළිය හෙළි කරයි - වීඩියෝ

Thu Jun 10 , 2021
සුඛෝප භෝගී ජීප් රථ ඇතුළු වාහන 399 ක් ආනයනය කිරීම අත්හිටුවීමට පසුගිය මැයි 24 වැනිදා කැබිනට් මණ්ඩලය තීන්දු කළ ද එම වාහන ගෙන්වීමට රජය වෙනුවෙන් ලංකා බැංකුව ණයවර නිකුත් කරමින් ලිපි 7ක් යවා ඇති බැවින් එම වාහන ගෙන්වීම අත්හිටුවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.පසුගිය අප්‍රේල් 29 වැනිදා නිකුත් කළ […]