වාහන ගෙන්වීම අවලංගු කරන්න බෑ – බැරි හේතුව මෙන්න – ඇමති කෙහෙළිය හෙළි කරයි – වීඩියෝ

සුඛෝප භෝගී ජීප් රථ ඇතුළු වාහන 399 ක් ආනයනය කිරීම අත්හිටුවීමට පසුගිය මැයි 24 වැනිදා කැබිනට් මණ්ඩලය තීන්දු කළ ද එම වාහන ගෙන්වීමට රජය වෙනුවෙන් ලංකා බැංකුව ණයවර නිකුත් කරමින් ලිපි 7ක් යවා ඇති බැවින් එම වාහන ගෙන්වීම අත්හිටුවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.පසුගිය අප්‍රේල් 29 වැනිදා නිකුත් කළ එම ලිපි මෙතෙක් ලංකා බැංකුව විසින් අත්හිටුවා හෝ අවලංගු කර නොමැති බවද පැවසේ.ණයවර ලිපිවල ඉල්ලුම්කරු ලංකා බැංකුව බව මේවන විට හෙළිව ඇති අතර ඒ අනුව මෙය ලංකා බැංකුවේ ව්‍යාපාර කටයුත්තක් බව ද තහවුරුව තිබේ.

කෙසේවුවද, ලංකා බැංකුව මේ ණයවර ලිපි විවෘත කර ඇත්තේ ඉකුත් අප්‍රේල් මාසයේදී වාහන ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීම මහ බැංකුව විසින් වානිජ බැංකුවලට තහනම් කර තිබියදීය.අදාළ සිද්ධියට අනුව ලංකා බැංකුව විසින් මේ ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් ආනයන පාලන පනත යටතේ ලංකා බැංකුවට දඬයක් පැනවීමේ හැකියාවක් තිබේ.එසෙම අදාළ වාහන 399 සඳහා තීරු ගාස්තු ගෙවීමට ලංකා බැංකුවට සිදුවන බවද මේ අතර වාර්තා වේ.

ඒ ලංකා බැංකුව යනු රජය විසින් තීරුබදුවලින් නිදහස් කර ඇති ආයතනයක් නොවන බැවිනි.කෙසේවුවද, ලංකා බැංකුව මෙම වාහන ගෙන්වීම සඳහා රුපියල් බිලියන 3.7ක මුදලක් ආයෝජනය කිරීමට නියමිතය.රජය විසින් වාහන 399 ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට නොහැකි යැයි ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඒ සඳහා මේ වන විට ණයවර ලිපි පවා ලංකා බැංකුව විසින් විවෘත කර ඇති බවද පැවසූ ගිවිසුම ඒක පාර්ශ්විකව අවලංගු කළහොත් ලංකා බැංකුව අසාදු ලේඛන ගත විය හැකි බව ද පිළිගත්තේය.හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට එම වාහන ගෙන්වීම අවලංගු කිරීමක් නොව අත්හිටුවීමක් සිදුකර ඇති බවයි.

වීඩියෝව පහතින් නරඹන්න – උපුටා ගැනීම හිරු TV සලකුණ වැඩසටහනෙන්

Next Post

රෝහල ගැන දුන් පොරොන්දු ඉටු කරන්න බැරි වූ මන්ත්‍රී චීත්තයක් හැට්ටයක් ඇඳ සභාවට එයි - ජායාරූප

Thu Jun 10 , 2021
කුලියාපිටියට ලබා දුන්  ශික්‍ෂණ රෝහල හා මහාචාර්ය ඒකකය රැකගැනීමට අපොහොසත් වුයේ යැයි චෝදනා කරමින්   කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉඳුනිල් කුමාරතුංග මහතා අද  පැවති ප්‍රදේශීය සභා සැසියට චීත්තයකින් හා හැට්ටයකින් සැරසී පැමිණියේය. ශික්ෂණ රෝහලට සහ මහාචාර්ය ඒකකය රැක ගන්නා බවට ජනතාවට මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත් එවන් තත්ත්වයක් තුළ […]

Breaking News