රෝහල ගැන දුන් පොරොන්දු ඉටු කරන්න බැරි වූ මන්ත්‍රී චීත්තයක් හැට්ටයක් ඇඳ සභාවට එයි – ජායාරූප

කුලියාපිටියට ලබා දුන්  ශික්‍ෂණ රෝහල හා මහාචාර්ය ඒකකය රැකගැනීමට අපොහොසත් වුයේ යැයි චෝදනා කරමින්   කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉඳුනිල් කුමාරතුංග මහතා අද  පැවති ප්‍රදේශීය සභා සැසියට චීත්තයකින් හා හැට්ටයකින් සැරසී පැමිණියේය.

ශික්ෂණ රෝහලට සහ මහාචාර්ය ඒකකය රැක ගන්නා බවට ජනතාවට මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත් එවන් තත්ත්වයක් තුළ එම ඒකකය රැක ගැනීමට අපොහොසත් වීම නිසා ජනතාවට ඉදිරියට පිරිමියකු සේ ඇඳ යා නොහැකි බව ද ඉඳුනිල් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ප්‍රාදේශීය සභා මාසික රැස්වීම  ආරම්භවීමට පෙර පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු රැසක් එක්ව කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නරත වූහ.

එම නිසා ඉදිරියේදී අමුඩ ඇඳ හෝ මෙම රෝහල රැක ගැනීමට කටයුතු සිදුකරන බව එම ස්ථානයට රැස්ව සිටි මන්ත‍්‍රී කණ්ඩායම පැවසීය.







Next Post

ඉන්දන මිල ඉහලට - තව දුරටත් රජයට පාඩු ලබන්න බෑ

Fri Jun 11 , 2021
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.ඒ අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.ඉන්ධන මිල සංශෝදනය කළ යුතු බවට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් […]

Breaking News