රෝගීන්ගේ ජිවිත රැක ගන්න කැපවන දඹුල්ලේ සුළු සේවක සුව විරුවා – මාස දෙකකින් තාම ගෙදර ගිහින් නෑ

මාස දෙකක පමණ කාලයක සිට කිසිදු නිවාඩුවක් නොමැතිව නේවාසික වසංගත රෝගීන්ට උපස්ථාන කරන සෞඛ්‍ය සුළු සේවකයකු පිළිබද පුවතක් දඹුල්ල ඩෙන්සිල් කොබ්බැකඩුව රෝහලෙන් වාර්තා වේ.

මෙලෙස මිල කල නොහැකි සේවාවක් කරන ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචි නමින් යු.ඩි.ඒ.ප්‍රේමකුමාර වසර ගණනාවක පටන් රෝහල් සුළු සේවකයකු ලෙස සේවයේ යෙදෙන අතර වසංගතය පැමිණි දවසේ පටන් ඔහුගේ රාජකාරි ස්ථානය වුයේ දඹුල්ල රෝහලේ වසංගත ප්‍රතිකාර අංශයයි.

මෙලෙස දඹුල්ල රෝහලේ වසංගත වාට්ටුවක් ආරම්භ කිරීමේ පටන් විශාල සේවයක් කරන ප්‍රේමකුමාර අද වන විට වාට්ටු තුනක වසංගත රෝගීන්ට ඇප උපස්ථාන සිදු කරනු ලබයි.

මාස 2ක පමණ කාලයක පටන් මෙතෙක් එකම නිවාඩුවක්වත් ලබාගෙන නොමැතිව දිනකට පැය 2ක පමණ කාලයක් නිදා ගන්නා ප්‍රේමකුමාර ඉතිරි පැය 22කම වසංගත රෝගීන්ගේ ඇප උපස්ථාන සියල්ල සිදු කරමින් සිටියි.කුඩා දරුවන්ට ,කාන්තාවන්ට මෙන්ම සෑම රෝගියෙකුට එක හා සාමනව ප්‍රේමකුමාරගෙන් ලැබෙන උදව් උපකාර රෝහලේ වෛයිරසය වැළදුණු රෝගීන්ට අතිමහත්ය. එබැවින් රෝහලෙන් පිටවෙන සෑම කෙනෙකුම ප්‍රේමකුමාරට දක්වන්නේ පුදුමාකාර ඇල්මකි.

ප්‍රේමකුමාර උදව් උපකාර කර ජීවිතය බේරාගත් බොහෝ දෙනා රෝහලෙන් පිටව යන්නේ වෛදයවරුන්ට හෙද හෙදියන්ට ස්තුති කරමින් සුළු සේවක ප්‍රේමකුමාරට දෙපා අල්ලා වැද වීම විශේෂයකි. 

ප්‍රේමසිරි පැය 24 පුරා සේවය කලද ඔහුර කිසිදු අමතර දීමනාවක් රජයෙන් නොලැබෙන බව ඔහු කියයි.සිමා සහිතව අමතර පැය වලට පමණක් ගෙවීමක් සිදු වුවද ප්‍රේමකුමාර දිවා රෑ නොලබා රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන බවට හෙද හෙදියෝ දැඩි ආඩම්බරයෙන් පවසයි.

වසර ගණනාවක් සේවයේ දී සිටියද මෙවැනි සුළු සේවකයකු දැක නොමැති බව හෙදියන් ද කියා සිටියි.රෝගීන්ට අදාරය ඇල්ම කරුණාව දක්වන ඔහු වෛද්‍යවරුන්ට හෙදියන්ටද එක සමාන සහයෝගයක් ලබා දෙනු ලබන බව රෝහල් කාර්යමණ්ඩලය ඔහුව අගයමින් කියා සිටියි.

මෙම අපුරු සේවකයා රෝහල තුල වසංගත අසාදිතව මියගිය මළසිරුරු දහනමයක් සිල් කොට තිබෙන බවත් දහස් ගණනාවකගේ රෝග සුව පත් කිරීම සදහා දායකත්ව ලබා දී ඇති බව පවසයි.

මේ මාසය වන විට ප්‍රේමකුමාර අමතර පැය 500ක් අසාන්න කාලයක් සේවය කර අවසන් බවත් එහෙත් ඒ සදහා කිසිදු ගෙවීමක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සිදු වී නොමැත. 

රෝගීන් වෙනුවෙන් මෙතරම් කැපවීමෙන් සේවය කරන ඔහු දරුවන් තිදෙනෙකුගේ පියකු බවත් සිට ආදරණිය බිරිද හා දරුවන් මේ වන විටත් මාස 2ක කාලයක් සිට නොදැක රෝහලේ වසංගත අසාදනය වුවන්ට ඇප උපස්ථාන කරන බවත් එය ඔහුට භාගයක් බවත් ඔහු කදුළු පිරි දෑසින් ප්‍රකාශ කරයි.

සුව විරුවන් ලෙස වෛද්‍යවරු හෙදියන් වෛද්‍යකාර්යමණ්ඩලය ඇගයීමකට ලක්වුවද වසංගත අසාදිත පුද්ගලයින් අසලට ගොස් රෙදි සෝදා ඔවුන් පවිත්‍ර කරමින් ඔවුන්ට අවශ්‍ය ඹෟෂධ වෙලාවට ලබා දෙමින් අහාර ලබාදෙමින් රෝගීන්ගේ හිත සුවපත් කිරීමේ කටයුත්ත සිදු කරන ප්‍රේමකුමාර වැනි පුද්ගලයින් ආඩම්බරයෙන් සමාජයක් ලෙස අප අගය කල යුතුය.

Next Post

වයස අංකයක් විතරයි මල්ලි අපොන්සු-සුජාතා 67යි 25 ආදර කතාව - ජායාරූප

Tue Jun 8 , 2021
ආදරයේ වයස් සීමාව කොපමණද? එයට සීමාවක් නැත. එබඳු තවත් ආදර කතාවක් පසුගියදා මල්ඵල ගැන්විණ. පෙම්වතා ජයසේකර අපොන්සුය. පෙම්වතිය ඔහුට වඩා වයස අවුරුදු හතළිස් දෙකකින් බාල සුජාතා ප්‍රියදර්ශනීය. අපොන්සු – සුජාතා නව යුවළ විවාහයේ සුන්දරත්වය විඳිමින් මේ දිනවල කාලය ගත කරති.ජයසේකර අපොන්සු කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගිය කාලයේ ඔහු ව්‍යාපාරයකුත් ආරම්භ […]

Breaking News